✨️49 කොටස✨️

8.4K 960 1.9K
                                    

එදා ඉතින් දවසම මම කලේ ඔට්ටොක්කේ කිය කියා ටෙශානයාව බයිටට ගත්තු එක...ඌ මට රව රව පුක ගස්ස ගස්ස හිටියා මොකාද එකා වගේ...ඔටු වට්ටක්කෙක් වගේ ඌ නම්....අපත ජීවිත...මන් කිව්වේ ඌ නෙවේ අපි ගැන...

ඌ කවදාහරි දොස්තර වෙලා පුක ඇද කර කර අපිට හිනාවෙනකොට අපි වගේ එවුන් කොන්දොස්තර වෙලා දුක් විඳී...එකම ඉරණමක් රටවල් දෙකක් කියන්නේ මේවට තමා ඩෝ......

"මේ රාධේයෝ උඹ දන්නවද වැඩක්?....අපිට නව නිපැයුම් සංගමේට බැඳෙන්න පුළුවන්...අස්වෙනකොට දෙන සෙටිපිකට් එකේ ඔව්වා ලියනවලු..මොකකට හරි ඔළුව දාගෙන තියාගන්න එක හොඳයි බන්....."

උදේ පීරියඩ් ගානම වැඩ කරලා හෙම්බත් වෙලා හිටපු අපි ඉන්ටර්වල් එකේ හාස් ගාලා කටවල් ඇරගෙන ආහාර බුදිනකොට කොටා අළුත් යෝජනාවක් කලා...සංගම් වලට බැඳෙන එක විතරයි ජෙයියනේ කියලා අඩුවට තිබ්බේ...ලිඳ ලඟ සංගමේ වගේ නම් තවත් මරූ....

කොහේටහරි ඔළුව දාගන්න ඕන නම් පැස්බරා වගේ වැලි අස්සේ ඔළුව ගහගනිම්කෝ කොටෝ....මැවිලා පේනවා පුක එලියේ දාගෙන ඔළුව පොලොව යට හංගන් ඉන්න නිල් නයාව...හරි හුරතල්.....මගේ හිතත් ඉතින් චිත්තරූප මවාගැනීම අතින් ඉන්නේ ඔස්කාර් සම්මාන ගන්න ඇහැකි මට්ටමේ....

එහෙම බැරි නම් අයියෙක්ගේ කකුල් දෙක මැද ඔළුව දාගනින් කොටෝ...ඒකට නම් හාම් කියලා කොටා දුවයි...එහෙව් එකා...ආතිශ්‍ය අයියාගේ නම් හා අම්මේ කියලා කියයි මූ....

කොට ජීවිත සහ උන්ගේ කඳුලු කියලා පොතක් ලියන්නත් හිතයි මට.....ඒකෙන් හම්බෙන සල්ලි වලින් පැටවුන්ට ජංගි මහනවා මන්......

"උඹ හිතුවේ පාසල් සංගමේක සාමාජිකයෙක් වුනා කියලා බොට දිරෙක්ටර් පෝස්ට් එකක් නිකම්ම හම්බෙයි කියලද?....බලා හිටපන්...ටෙශානයාව වැඩිය ආස්‍රය කරන්නෙපා...ඌ නේද බොට ඔය ගොන් අදහස දුන්නේ?...."

මම බත් අහුරක් කටේ දාගත්තේ සද්ද නැතුව බත් එකේ තිබ්බ මාළු එලවළු තමන්ගේ පැත්තට බැකෝ එකකින් අදින බිමල් දිහා හොරෙන් බලන ගමන්....කෑමදාසයා අපිව නැති කරනවා දවසක....බොරදියේ ඉබ්බෝ බාන්නේ මූ වගේ පොරවල් තමා....

"රාධේ ඔය මැල්ලුම මෙහාට එවපන්කෝ..."

හරිනේ කොලා...පගයා ඒකත් නෝට් කරගෙන...මන් තොට දැන් ගහනවා බොගේ මූණ මැල්ලුම් වෙන්න....මැල්ලුම් කාලා මුගේ ඇස් පෙනීම තව දියුණුවුනොත් ඕකා එහා ගෙදර කෑමත් උදුරගෙන කයි...එහෙව් එකා....

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora