මන් දිව්වා දිවිල්ලක් කියන්නේ තව පොඩ්ඩෙන් ඒ දිවිල්ලේ හැටියට මම පිදුරුතලාගල කන්ද උඩටම ගිහින් ජාතික කොඩියකුත් හිටවනවා....ජාතික වීරයෙක් ඉන්න ඕන ඒ වගේ උස් තැනක නෙමේද මන් අහන්නේ....මන් වාඩියවත්ත වගේ පහල තැනක ඉඳලා මොනාද මේ කරන්නේ?...
මන් පිදුරුතලාගල කන්ද නඟින එක කෙසේවෙතත් ඩික්කා මගේ පම්ස උඩ නැඟලා නම් ලඟදීම ලංකාවටම පේන්න කොඩියක් හිටවනවා කියලා සාධාරණ සැකයක් මට තියෙනෝ....
එහෙමත් නැත්තම් සැමියා මාව උස් තැනකට නග්ගයිද?....මගේ කටට කුපාඩි හිනාවකුත් නගිනවා ඕන්....මන් උස් තැන්වල ඉඳන් පහල බලන්න බයයි හබීබී...හික්ස්....
මන් දුවගෙන ගිහින් නැග්ගේ අපේ ක්ලාස් බිල්ඩින් එක උඩ රූෆ් ටොප් එකට...ඒකට යන්න පඩිපෙලක් තියෙනවා...හම්මාහ් මේක උඩ සනීපේ.... වහලක් තියෙන නිසා හොඳයි...
වැලි සිමෙන්ති කඳු ගහලා...මෙතන අළුත් පන්ති සෙට් එකක් හදන්නලු යන්නේ...එකක් මටයි ඩික්කි පුතාටයි ලව් කරන්න කියලා වෙන් කරන්න බැරි වෙයිත දන්නේ නෑ පිනාට....ඒකට නම දාන්න වෙන්නේ හර්මයිනී ක්ලාස්රූම් කියලා...හික්ස්...
ඇත්ත තේරුම දන්නේ මන් වුනාට අනික් එවුන් හිතාවී හැරී පොටර් එකේ හර්මයිනී කෙල්ලට උපහාර පිණිස අපි ක්ලාස් එකට නම දැම්මා කියලා....යස වැඩේ...රාධේ යකෝව් උඹට තියෙන්නේ මොළයක් නෙමේ මොළ නැවක්...
එතනත් නැවක්...සැක් මේ නැව් කරුමේ...නැවියෙක්වම කසාද බඳින්න වෙයි වගේ මේ යන විදියට.....ඩික්කාව කැප්ටන් කලා නම් හරි....ඌ ඒ යුනිෆෝම් එකටත් ඉදී පට්ට ලස්සනට....කටින් කෙලත් වැක්කෙරෙයි මගේ..
දේව්දාස් ගංකබරයාගේ පන්ති වලටත් උඩින් තමා රූෆ් ටොප් එක තියෙන්නේ....බලාගෙන ගියාම මම ඌටත් ටොප් වුනා එහෙනම්....යකඩෝ මට හිතෙන ටසිරි වෙන ටහිකෙන සිතුවිලි...
අකලංකයා මාව හපලා කයි මන් දේව්කාරයාට ටොප් වුනොත්.....ඒක සෙට් නෑ ඒයි...ඌ මාව හප නොකලත් සැමියා නම් ගානට මාව කෑලී කපයි මාළුකාරයෙක් කෙලවල්ලෝ කපනවා වගේ....රාධේවල්ලෝ පන්සීය පන්දාහයි....
ලබු නැව් සීන් එකක් නිසා කොයිවෙලේත් මගේ හිත ඇතුලේ නලියන්නේ ටොප් බොටම් සීන් එක....උන්ට තිබ්බා මට කෙලින්ම සීන් එක කියලා හිච්චි හිතට සැනසීමක් දෙන්න....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing