✨️28 කොටස✨️

15.7K 1.4K 1.7K
                                    

මට දැන් එන්නේ අභ්‍යවකාශයේ ගගනගාමියෙක්ට දැනෙන ඒ ගුවන්ගත ෆීලින්ග් එක...ෆීලීන්ග් ඕසම් විත් තවුසන්ඩ් අදර් කලවැද්දාස්...අඩේ මට පිස්සු හැදිලද කොහෙද...

මූට තොල් වලට තොල් තියලා පෙර අත්දැකීම් තියෙනවද දන්නේ නෑ...මට නම් නෑ...මේ මගේ පලවෙනි තුන් කුළුදුල් හාච්චිය....අද ඩික්සන් අතින් මන් අපිරිසිදු වුනා...හයියූ...

මට ඇත්තටම උගේ කිස් එකට ආස හිතුනා....මන් පොඩි කාලේ කෙල්ලෙක්ව මෙහෙම කොහාට හරි මුල්ලකට ඇදන් ගිහින් බිත්තියකට තද කරන් ඉණ අල්ලන් කට කන්න හිතා හිටියා ඉතින් ෆිල්ම්වල වගේ...

හැබැයි වුනේ අනික් පැත්ත...ඒකත් කමක් නෑ ජුකක් නෑ ඩික්සන් කියන්නේ පට්ට එලකිරි කොල්ලෙක් නිසා...තඩියා වගේ තඩි පොරක් වුනා නම් මම පලමු හාදුවෙන්ම ඌට යටවෙලා එලොවට ටිකට් එකක් අරන් චුත වෙලා...

ඩික්සන්ගේ තොල් මගේ තොල් වල ගෑවෙනකොට පට්ට සනීපයි..හෙන කිචියකුත් හැදුනා බඩ ඇතුලේ....මොන සතා කිචි කැව්වද කියලා වගේ වගක් නෑ මට...

එදා මූ හැලගෙම්බෙක් වෙලා මගේ හීනෙට ආපු දවසේ කට කෑවට මොකෝ අද නම් මම ගල් ගිලපු හිපාටුවෙක් වගේ හිටියේ උඹ ඕන ලබ්බක් කරගනින් අයියේ වගේ ගානට....මන් තොල් තද කරන් හිටියේ...මට පුරුදුත් නෑ ෆිල්ම්වල කටවල් කාගන්නවා දැක්කට....

ඇත්තටම වෙනකොට තමා ඒකේ ආතල් එක...තෙත් ගතියක් දැනෙනවා...නහය වද්දගන්නේ නැතුව අපි හාදුව කන්ටිනියු කලා...මම නම් ඔහේ ඒක වින්දා...ඌ තමා ඉතින් මිෂන් එක දියත් කලේ....ඌ ටොප්...ටොප් කිව්වේ පට්ටයි කියන ටොප් එක...

මම උගෙන් මොනා හරි අහන්න කියලා ඇස් ඇරලා කටත් අරින්න හදනකොටම මේ යකා දිව ගාවලා මගේ ලිප්ස් තෙත් කරද්දී මගෙන් ලොකු කෙඳිරියක් පිටවුනා...ලැජ්ජයි යකෝ...වහ නැද්ද වහ මට රංකිරි කටගාගන්න....

මන් කෙඳිරි ගානකොට කිස් එක අතරෙදි ඩික්සන්ගේ මූණට ආපු මනමාල හිනාව ගැන නම් කියලා වැඩක් නෑ....උඹ හිනාවෙයන් මගේ හාදුව උදුරන්....උඹ බාල අපරාධකාරයෙක් ඩික්කෝ!!

යුධ අපරාධ වීරයෙක්ට වුන හදියක් කිව්වලු...අදටත් නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හිටියානම් මට තිබ්බා හඳට ගිහින් පොරත් එක්ක ස්ට්‍රෝන්ග් ප්ලේන් ටී එකක් ගහලා සමෝසා එකක් කාලා පෘතුවිය පැතලිද ගෝලාකාරද කියලා දොඩන්න....

රාධේ (Non-Fiction)Where stories live. Discover now