"රාධේ අපිව මාට්ටු වෙයි බන්..උඹ දන්නේ නෑ ආරව් අයියට මල පැන්නාම..එක සැරයක් එයා නමය වසරේ ඉද්දී කොල්ලෙක්ට ගැහුවා උගේ කන් අඩිය පුපුරන්න..මම බයයි බන්...තොගෙ ගොන් මී හරක් වැඩ හින්දා මාත් ඉවරයි..."
පක්විතියාගේ කටින් මගේ අත ගත්තු ගමන් ඌ හොරෙක් වගේ මුමුණ මුමුණ කිව්වේ මගේ අතේ එල්ලෙන ගමන්...
"ඉඳපන් නාහෙන් අඬන්නේ නැතුව මෙතනින් ගැලවෙන්න ප්ලෑනක් ගහනකම්...මෙහෙම හිටියට මම මාස්ටර් මයින්ඩ් එකක්..."
මම ඌගේ අත ගසලා ඌට ටොක්කක් ඇන්නා...තොත්ත බබාලා අරන් මිෂන් එහෙකට යන මට ගහන්න ඕන අවුරුදු ගානකින් හෝදපු නැති සපත්තුවකින්....
"ආරව් අයියාට මන් බයයි...අනේඒඒඒඒ..."
මූ සිරාවටම කඳුලු වගුරගෙන අඬනවා...උගේ කඳුලු වලින් මගේ ෂර්ට් එක නෑවිලා...ඌ මාව බදාගෙන අඬන්න ගත්තේ...
අපි ඩබල කතා කලේ හොර මූදු මංකොල්ලකාරයෝ දෙන්නෙක් වගේ රහසින්...ඒත් ඉන්නේ කොටු පනින්න ගිහින් පොලීසියට මාට්ටු වුන කපල් එකක් වගේ...
"පලයන් බල්ලෝ එහාට..ගෑණීයෙක් වගේ ඇලීගෙන අඬනවා කොට දොන්තයා...දෙන්න හිතයි බොට....ඉඳපිය පොඩ්ඩක් නාඬා..."
රහසින් වගේ මාත් කෙඳුරුවේ අරුන්ට ඇහෙන්නෙ නැති වෙන්න..කිව්වත් වගේ ඩීන් මගේ කණත් පලයිද...කණ කෙසේ වෙතත් ඌ මගේ මොකක් හරි ලඟදීම පලයි කියලා සාධාරණ සැකයක් මට තියෙනවා...පුක හැර ඕන එකක්...
"ඩීන් මේ පැත්තේ නම් මොකෙක්වත් පේන්න නෑ...මේක අර රාධේගේ වැඩක් වෙන්න බැරිද?...ලඟකදී ඉඳන් ඌ තමා අපිට ගේමක් අදින්න හදන්නේ...අපි එක්ක ගේමක් ඇදගන්න දඟලන්නේ නෑ අපිව හොඳට දන්න එවුන් නම්...."
නිර්වානයා කියාගෙන යනකොට මගේ චූ ලෝඩ් එක මෙතනම අන්ලෝඩ් වෙන්න ගියා කියහන්කෝ...ලැජ්ජාවෙන් බාල්දි දහයයි....නිර්වාන් හැලගෙම්බාටත් මගේ නමම මතක් කරන්න ඕන වුනානේ මෙවෙලේ...
"උඹ කියන්නේ සියුමැලි ගැනද?...මන් හිතන්නේ නෑ ඌ ඔහොම හොර වැඩ කරන එකෙක් කියලා...ඌ මාර ආතල් පොරක්...ඌ ගේම ඉල්ලන්නේ ෆේස් ටු ෆේස්...."
අඩේ පකලංකයාට විතරයි මගේ හොඳ මීටර් වෙලා තියෙන්නේ...මගේ පැත්තට කතා කරනවා සුදු පුතා...ඌට නම් රැපින් පේපරේක ඔතලා බලු බෙට්ටක් දෙන්න වටිනවා....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing