✨️26 කොටස✨️

12.9K 1.5K 1.1K
                                    

මල්වර වුන ගොළු ආච්චි විදියට තඩියාගේ අතේ එල්ලිලා ඉස්සරහට ගියාට මොකද මට නිකම් බෑ බෑ වගේත් හිතුනා....හුඟ කාලෙකින් ගේමක් ඉල්ලලා නෑ මන්....හුරුත් නෑ වගේ...ගැහුවොත් නම් ගහනවා මන්....

මේ පඩ සෙන්ට්‍රල් හැත්ත මොකට අපි මේ සීලයක් සමාදන් වෙලා සිරිමත් ලමයි වගේ ගෙදර එන වෙලාවේ මෙතන හර්මයිනී වෙවී ඉන්නවද මන්දා...මුන්ට ගෙවල් දොරවල් අඹු දරුවෝ නැද්ද...මාර කරුම!

කරුමයක් සෙන්ට්‍රල් පොරවල් ලෙසද ඔබ සොයා ආ හැක..මම පොතක් ලියන්න ඕන රාධේ සහ ඔහුට පල දුන් කරුම හැත්තෑ හත කියලා....ඒ තරම් මට පටිසන් දීලා...

බලන්නකෝ මට ඉන්නවා තඩි යාළුවෙක්...දුක කියන ඒත් දුක නාහන ඊරිසියාකර ගොන් කොටෙක්...හැන්ඩ්සම් ක්‍රීඩක සැමියෙක්...එලකිරි මස්සිනාලා ටිකක්..එතකොට මට ලයින් දාන හැන්ඩ්සම් ගංකබරයෙක්...තව මොනාද මට ජීවිතේට අඩු බලහන්කෝ....

අලුත් ඉස්කෝලේ පවුල් ජීවිතයක් ගෙනියන එක ලේසි නෑ..ඒත් ඔය යස අගේට මම ගෙනියන්නේ...බඩට බබෙක් විතරයි මට අඩු...ඩික්සන් ඒකත් දෙයි ලඟදීම...

ඇයි බබාව මමම බඩට ගන්නේ...මට ඌට දෙන්න බැරි වෙයිද...මට වඩා සොෆ්ට් කොල්ලෙක්නේ ඩික්සන්....ඌ මාව අල්ලන්නෙත් හෙන පරිස්සමෙන්...ඒක ඉතින් ඌට මල පනින්නේ නැති වෙලාවට විතරයි...ඌටත් මල පනින්න එපැයි නැත්තම් කන කෑම ඌට දිරවන්නේ කොහොමද....

අනේ මන්දා මූ මගේ හිතට නොඑන වෙලාවක් නෑනේ...නිදාගත්තත් හීන වලට ගාටනවා ඌ...කලවැද්දෝ චූන් කර කර ඌ ආතල් එකක් ගන්නවා...අද තව චුට්ටක් ඩික්සන් මා එක්ක හර්මයිනී වුනා නම් හිච්චි රාධේ දණ්ඩා කෙළින් වෙනවනේ ටාර් ගාලා...ඔය දණ්ඩ දවසක ජාතික වීරයාව පාවලා දෙනවා මට බුදු ශුවර්....

"අඩෝ සුදු රෙදි හොරෝ...උඹට ශුවර්ද බන් උඹේ රඟපෑම හරි යයි කියලා..මහ කාඩ සෙට් එකක්නේ බන් උන්...කුඩු ගහන එවුන් වගේ පේන්නේ....උඹ නිසා මටත් කරගහන්න වෙන්න බාල්දි ගැන නම් කියලා වැඩක් නෑ...."

තඩියා මාව ඇදන් හෙමින් ගාටනවා...මට මෙලෝ මගුලක් පේන්නේ නැති නිසා උගේ අතේ එල්ලිලා මන් යනවා කණවැන්දුම් වෙලා වගේ...

රාධේ (Non-Fiction)Where stories live. Discover now