✨️106 කොටස✨️

9.8K 755 3.5K
                                    

"ටහුඩු සාෂාත් මෙහෙනේ බන් රාධේ!....මූ මොකද දන්නේ නෑ අපේ මැච් බලන්න ආවේ...මොනා මගුලට ආවා වුනත් මේකා එක්ක ලේසි වෙන්නේ නෑ ඕයි....ඇඹලයෙකුත් නෙමේ...ඩීසන්ට් පොරක්...ඒත් ඌ ලේසියෙන් උඹව අතාරින පාටක් නෑ.....ඌ ඩීන් එක්ක දවසක මාරාන්තික වලියක් දාගනී කියලා මට පෙනීගෙන යනවා....."

ගූෂා දැකපු ගමන් වගා අලියෙක් ෆයර් වුනා...මූ අනාගතයට බයයි කියන්නේ අලි බෙට්ටක් තරම් බයයි...මන් වගේ ගැම්මෙන් ඉඳපන් යකෝව් නොබියව......

තඩියාව හොඳයි ෆට්ට බය හිතෙන හොල්මන් නාට්ටියක පොතේගුරෙක් කරන්න...පොත පිට උගුරේ යයි හැබැයි......මැවෙනවා ඕයී!

අර හොරෙන් ලියුම් කවර බෙදපු පියුන් උණහපුළු තාත්තියාට ලඟදීම ටැටූකාර සල්ලාලයෙක් නිසා හොඬවැල නැති වෙන සීන් එකක් තියෙන්නේ...

ඔන්න බබෝ ජාලින්නියා..
වල් අරඹේ සිටින්නියා.....
පොල්ලෙන් පොල්ලට පනින්නියා....
උණහපුළුස්ට බයේ දුවන්නියා.....🎶

මේවනේ යකෝව් නූතන ඇත් කවි.....ටික්ටොක් නංගියෙක්ට බැරි වෙයිද දල්ලෑ ඇතින්නකට ඇඳලා මේ කවියක් කියලා මාව ලෝ සුපතල වීරයෙක් කරන්න....හික්ස්...

"ඌ ආවේ තෝව බලන්න වෙන්නත් පුළුවන්...ඔන්න ගන්නවා නම් චාන්ස්...මෙතනදිම ඌව උඹේ ඇත්ගොව්වා කරගෙන හේසාන් තාත්තියාව පාගලා මරලා හනිමූන් පලයන්...මන් ඉන්නවනේ උඹට...."

"අනේ තෝ නම්....ලෝකේ ගිනිගත්තත් තෝ මට පද හදනවා....අනේ පලයන් බල්ලෝ යන්න....අද උඹ මගේ අතින් මැරෙන්නපා රාධේ!!!...."

මගේ පිටිපස්සෙන් හති දදා දුවන් ආපු තඩියා කණ ගාව බෙරිහන් දුන්නේ මගේ ඔළුවට ටොක්කක් ඇනලා...

"මාව මරලා තෝ ඉන්නද අලියෝ?...මගේ මිනිහා තොගේ අලි මස් පැකට් කරලා මුරුසියේ හංදියට යවයි...අන්න ඒ හංදියේ තමා බල්ලෝ තෝමස් අල්වා ග්‍රැහැම්බෙල් ගුවන් යානය හොයාගත්තේ.....හා..හා...බලපන් ගෝලීයකරණය වුන මගේ දැනුම් සම්භාරය....ආඩම්බර වෙයන් මන් ගැන...."

තඩියා මඟ නැවතුනා..මාත් නැවතුනා...නිල් කටරොළු මල් වට්ටියේ මල් ගණන් කර කර අපි කියන මෙලෝ මලෝත්තක් දන්නේ නැති බුලුඅයිසුත් නැවතුනා.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now