✨️75 කොටස✨️

9.2K 915 1.5K
                                    

මාව අල්ලගනින් කියලා අකිලයියා කෑ ගැහුවේ මන් පුටුවෙන් නැගිටලා පිස්සෙක් වගේ එතනින් දුවන්න හදද්දී.....මට යන්න ඕන....

මට හිතෙන්නෙම ඩික්කියා මාව රව්ට්ටන්න ප්‍රෑන්ක් එකක් කරලද කොහෙද...බලන් ගියාම මසියලා මරු පොරවල් සෙට් එකක්නේ....උන්ටත් මට වගේම ලෙසටම රඟන්න පුළුවන්ද කොහෙද...හික්ස්..

"රාධේ උඹත් කරගන්න වැඩ...සිහියට වරෙන් බන්....බලපන් අතත් කැපිලා හොඳටම...ඉඳගනින් මෙතනින්...අකා ගිහින් ෆස්ටේඩ් එකක් ඉල්ලන් වරෙන් කාගෙන් හරි....."

මන් මේසේ උඩ තිබ්බ වීදුරුවක් අතට තද කරගෙනම දුවන්න හදලා තියෙන්නේ...මට ගානක් වුනේ නෑ....උන් කෑ ගහනකොට තමයි මට අත දිහා බැලුනේ....ඉතින් අල්ල මැදින්ම කැපිලා....

හේශාන් පිස්සෙක් වගේ කන ගාව ඉඳන් කෑ ගහනවා...ලේ ටිකක් දැකලා ඔච්චර කෑ ගහන්නෙපා බන් තොපි...අනාගත දොස්තරලා නේද උඹලා....ලෙඩ්ඩුන්ට කලින් මුන්ට කලන්තේ දානවා ශුවර්.....

අනේ සූටි රාධේ අප්පුවාගේ අත කැපිලානේ...සුදු මහත්තයා ලඟ හිටියා නම් අතම කටේ දාගෙන සූප්පු කරයි...අර සයන්ස් එක්සිබශන් එක දවසෙදී ඌ මගේ ඇඟිල්ල කටේ දාන් නටපු නැටුම මතක් වෙනවා කියහන්කෝ....එදානේ මන් සලාං ගාලා බීකර ටෙස්ට් ටියුබ් මහ ගොඩක් බින්දේ....

සූප්පු කරන්න ඌ ඉතින් දැන් ලඟ නෑනේ....කොහේහරි අහු මුල්ලක හැංගිලා මාව මඩවන්න බලාගෙන ඉන්නවද දන්නෑ පරසුද්දා...හරි ගොන්නේ බන්...

මගේ ලව් එක ටෙස්ට් කරනවාද දන්නෑ මූ සුදාත්තියෙක් වගේ...පිස්සු ගල් බමුණු සැමියා....ටර්ම් ටෙස්ට් එකට ඇති තරම් ටෙස්ට් පේපර්ස් හම්බුනා සැමියෝ...උඹත් මාව ටෙස්ට් කරන්න ලෑස්ති වෙන්නෙපා බන් හබියෝ......

මෙහෙමයි මට රිදුනා..ඊට වඩා පපුව ඇතුලෙන් රිදෙනවනේ....මන් ආස නෑ යකෝව් මෙහෙම ඉන්න...මට ආතල් එකේ ඉන්න ඕන....

ඌ ඇත්තටම ගියාමයි කියමුකෝ මට නොකියා....එහෙම යන්න හේතුවකුත් ඇතිනේ ඌට....පරිස්සමෙන් පලයන් අයියේ...උඹ හැමදාම කිව්වේ උඹව විශ්වාස කරන්න කියලා...මට ආදරෙයිත් එක්කනේ...මාත් ආදරෙයිනේ මහ ගොඩම ගොඩාක්..

රාධේ (Non-Fiction)Where stories live. Discover now