✨️57 කොටස✨️

7.6K 920 1.7K
                                    

ඒක ප්‍රෑන්ක් එකක් ඩෝ..මන් පාර පැන්නේ නෑ....මන් එහෙමත් ගොනෙක්ද?..පිස්සුද උට්ටෝ...හේ..හේ...

එහෙම කියන්න මට අයිතියක් නෑ ඩෝ...මන් පැන්නානේ පාර හරහා මී හරක් රාධේ වගේ....හනේඒඒඒ...

ඒ පාර පැනිල්ලෙන් මගේ ජීවිතේ උඩු යටිකුරු වෙලා වම දකුණ මාරුවුනා...සිග්නල් ලයිට් නැවතුනා...පුක මූණට සෙට් වුනේ නැති ටික විතරයි...එහෙම වුනා නම් ලෝකෙට දෙන්න මූණක් නැතුව මන් හද්දා අසරණ වෙන්න තිබ්බා දම්සාරී!

සුදු වෑන් කියන්නෙම අපේ ජාතියම කෙලවලා යන්න උපන්න ටහිකෙන වාහනයක් යකෝව්....ජාතික වීරයෙක්ටත් ඒ වෑන් එක කෙලෙව්වා කෙලවිල්ලක් කොටින්ම මගේ කටේ කෙලත් හිඳිලා ගියා....කැටේ විතරයි කැඩුනේ නැත්තේ...

වාහනේ පාට සුදු...කිරි සුදු පාන් බාගේ වෑන් එකක්...මගේ ලොකු පම්ස වැදුන නිසා වෑන් එකට ඒක ආඩම්බරයක්...කාටූන්වල වෙනවා වගේ වෑන් එක මගේ වීර පස්සේ වැදිලා හෙලකින් පහලට වගේ වැටුනා නම් නියම නිව්ස් අයිටම් එකක් වෙන්න තිබ්බා රන්දික ජුණ්ඩුආරච්චිට...

ආහ් එහෙම කෙනෙක් නෑනේ....දැන් ඉන්නේ රන්දික කැහැටුආරච්චි මැණිකෙනේ..ඒකත් පෙර පවක් වගේ...හනේ...හයියූ!!!!

තිස්තුන් කෝටියේ දෙවියෝ කොහෙද දෙයියනේ මන් ඇක්සිඩන්ට් වෙනකොට හිටියේ....එයාලටත් වෙන වැඩ ඇති...ටොයිලට් යන්න නාගන්න එහෙම එයාලටත් වෙලාවක් තියෙන්න එපැයි.....අපේ දුක අහලා කුණු ගඳ ගගහා ඉඳලම බෑනේ..නේහ්....

අනික එයාලා වුනත් හිතන්න ඇති රාධේ අප්පුවාගේ බල මහිමය අනුව තනි අතින් වෑන් එක නවත්තගන්න ඇති කියලා..එහෙම කරන්න මම වන්ශොට් වන් ඉයෝව් ඉයෝව් නෙමේනේ දෙයියෝ!

මාව වෑන් එකේ හැප්පිලා වීසී වෙලා ගියා අක්කර තුනක් ඈතට...එලවපු එකාගේ අම්මා තියා මීඅම්මාවත් මතක් කරන්න මට වෙලාවක් තිබ්බේ නෑ කියහන්කෝ.....හයියූ ගාමිණී!

අද මම ඉස්පිරිතාලෙක වම් කකුලයි වම් අතයි කඩාගෙන ඉන්නවා...වම් ඇහැ නිල් වෙලා...වමට බර එකෙක් වගේ...මන් වාමාංශික රාධේද?..මන් නිර්මාංශිකවත් නෑනේ....

මට කට ඇරගන්නත් අමාරුයි...හක්කත් පැනලා...හාට් එකේ හිලත් සුට්ටක් අවුල් මන් හිතේ...එක හිල හිල් දෙක වෙලා...ඔට්ටොක්කේ මට දැන් ඔටුහක්කක්වත් දාගන්න වෙයි ලඟදීම...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora