✨️86 කොටස✨️

5.7K 699 1.2K
                                    

ඩික්කියා මාව ඇදගෙන ගියේ කරවල වාඩියකට අරන් යන කරවල කෑල්ලක් වගේ කියහන්කෝ...මට චූ බරක් ආවා...කියලා කියන්න බෑ...ඕන වෙලාවට ඒ බර එන්නෙත් නෑ.....මට චූ බරක් ලෝඩ් කරන්නකෝ වැස්ස වලාහක දෙයියනේ....හයියූ!!...

ගූෂා තෝ මාව කෑවා යකෝව්...මාව කෑවා...එදා මට උඹව මූණට මුලිච්චි නොවුනා නම් උඹ මාව වට්ටලා ඉණෙන් ඇල්ලුවේ නැත්තම් අද මම ඩික්කි එක්ක තුරුල් වෙලා යහතින් ඉන්නවා ඩෝ...මූට යකා වැහෙන්නෙත් නෑ.....

තෝව මට ආයේ හම්බුනොත් මන් තොගේ මොලේ කනවා පැණි ටිකක් හලාගෙන...කොල්ලෝ එපා මට ආයේ!...

ඩික්කියා මාව ඇදගෙන ගියේ තහනම් ගහේ ගෙඩි කන්න...නෙමේ....ඌ මාව එක්කන් ගියේ අපේ සීක්‍රට් රූම් එකට....යකා වගේ ඩික්කියා හිටියේ..මගේ කරුමෙට තමා අද මූ උදෙන්ම ඉස්කෝලේ ආවේ....

ඩික්කියාගේ එලාම් එක කුඩු කරන්න ඕන සෙට් එකක් දම්මලා.....කරුමයක් වේලාසන වුවද එන්න පුළුවන් සඳමාලී!.....

ඌ මාව කාමරේ ඇතුලට තල්ලු කරලා දොර වහලා ඒකට හේත්තු වුනේ අත් දෙක පපුවට බැඳගෙන හකු තද කරගෙන දුඹුරු ඇස් රතු කරන්....ගිනි පිඹින මකරා වගේ....

මොනා වුනත් ඌට කේන්ති ගියාම මාර හොට්....ඩැඩී ලුක් එකක් තියෙනවා...ඕක කියන්න ගිහින් මට කට කඩාගන්න බෑනේ දැන්.....කට විතරක් වෙන නෙමේ අගුල් දාලා රකින වෙන දේවල් වුනත් සට පට ගාලා කැඩෙන්න බැරි නෑ....

"So gotta say anything?...I'm all ears..."

බොහොම ඉවසීමෙන් වේගෙන් හුස්ම ගන්න ගමන් ඩික්කියා සන්සුන් ලෝ ටෝන් කියනකොට මන් උගෙන් ඈතටම ගිහින් ඩෙස් එකට හේත්තු වුනා ආත්මාරක්ෂාවට...

එක ඩෙස් එකනේ මේ ලබ්බේ පොඩි කාමරේටම තියෙන්නේ...අපේ පැදුරු සාජ්ජේ කාමරේනේ මේක.....මතක රැසයි ඉතින්...අද යම් මතකයන් ගොඩ නැගෙයිද?.....හූ නෝස් මචාං?.....

"මන්...ඌව දන්නේ නෑ අයියේ...උඹ රට ගිය දවස්වල තිබුන මැච් එක ඉවර වෙලා ඩිනර් වලට ගිය හොටෙල් එකේදී උඹ ඇවිත් කියලා මන් ඌට රැවටුනා...මන් එදා හිටියේ හොඳින් නෙමේ පොඩ්ඩක්වත්....පිස්සෙක් වගේ හැසිරුනේ මන්....එදා ඌ මා එක්ක කතා කරන්න හැදුවා...නිරායියා නැවැත්තුවා...."

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant