✨️13 කොටස✨️

9.7K 1.2K 845
                                    

"ඉක්මනටම උඹත් වරෙන් රාධේ...නැත්තම් අද මේක කරන්න වෙන්නේ නෑ...."

මට එහෙම කියාගෙන හේශානයත් හිනාවෙවී ගියා...මම කන්නාඩියට පිටදීගෙන ඔහේ බලා හිටියා...අරූ මගේ ඉණෙන් අල්ලන් හිටපු තැන තාම ගිනිගන්නවා වගේ...මොකක්ද යකෝ මට මේ වෙන්නේ?...

වෙන කොල්ලෙක් ඔහොම කලා නම් මම දතක් කඩලා...ඒ වුනත් ඩික්සන්ව අහකට තල්ලු කරන්නවත් මට හයියක් ආවේ නෑ කියහන්කෝ....ඕනකමක් තිබ්බෙත් නෑ....මාර කරුම!...

ඩ්‍රෙසින් රූම් එකෙන් ඩීන් ගියාට පස්සේ මාව කන්පියුස් උන්ගා බුන්ගා වෙලා ගියා...මොකක්ද යකෝ ඒ වුනේ?...මන් කිව්වේ ඇත්තනේ...ඉන්න බල්ලෝ ටිකවත් මැනේජ් කරගන්න බැරි මට තව ෆ්‍රෙඩාලා මොකටද?...

ඩික්සන්ව ජාලී වගේ ෆ්‍රෙඩෙක් කරගන්න සෙට් නෑ...ඌ පොශ් වැඩියි...ඕකුන් අපේ යාළුවෝ වෙන්න අහන්නේ හොඳකට වෙන්න බෑ...ඒත් ඌ අම්මා නමින් ප්‍රොමිස් වුනත් එක්ක...ඩික්සනයා විසාල කරදරයක් වුනානේ මට....

මොනා වුනත් පර සුද්දගෙන් ඈත්වෙලා ඉන්න එක හොඳයි...ඕකුන් කෙලවන් යද්දී යන්නේ ජොකාවත් ගලවන්...පේනවනේ ලන්දේසි ඉංග්‍රීසි යක්කු අපේ රටට කෙලවපු කෙලවිල්ලක්...මටත් ඒ සන්තෑසියම තමා වෙන්නේ....

ඩික්සන් එහෙම අප්සෙට් එකෙන් යද්දි මට ලාවට දුකක් වගේ එකකුත් මෝදු වුනා...අපෝ මේ පුක්සන් මගේ සෞඛ්‍යයට සෑහෙන අහිතකරයි!!...

රාධේ අසරණ දරුවාට පිහිට පතලා බෝධි පූජාවක් කරන්න වෙනවා ඉතා නුදුරේදීම...

"අඩෝ රාධේ!...මම චූ දාලා එන්න ගිය ඩිංගට උඹ ඩීන් එක්කත් ජෝඩු දාලා හිටියද යකෝව්?...මට හේශාන් අයියා කියාගෙන ගියා උඹලා දෙන්නා මෙතන ලව් කරනවා කියලා...ආහ් මේ උඹ සිප් එකත් දාගෙන තියෙන්නේ...ඌද දැම්මේ?..."

ඇතුලට දුවන් ආපු තඩියා ප්‍රශ්න පිට ප්‍රශ්න මගෙන් අහගෙන ගියා....

"අනේ ඒ පකාට පිස්සු...විනාඩි පහෙන් එනවා කිව්ව උඹ දැන්ද බල්ලෝ එන්නේ?..තෝ චූ දැම්මද බොකක් දැම්මද?...ඔව් ඩික්සනයා ආවා හිවලෝ...මම සිප් එක දාගත්තා තනියම...ඌගෙන් මම උදව් ගන්නවද එහෙම?.."

"ඇත්තදූ මැණිකේ?...හේශාන් අයියගේ මූනේ තිබ්බ පල් හිනාවෙන්ම තේරුනා මට උඹ තනියම සිප් එක දාගෙන කියලා....එතකොට ඩීන් මොකෝ කලබලෙන් වගේ එලියට දුවන් ගියේ?...මන් දැක්කා එයා රවාගෙන යනවා...මොකෝ වුනේ?..."

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant