සිකුරාදා ලාස්ට් බෙල් එක වදිනකම්ම මන් කල්පනා කලේ හෙට දවස ගැන කියහන්කෝ...බඩ ගොර ගොර ගෑවා...කොර කොර ගෑවා...ඔක්කොම සද්ද ගෑවා...අලුත් කොරවක්කොත් රාධේගේ සත්තු වත්තට ජොයින් වෙලාද මන්දා....එච්චරයි අඩුපාඩුවකට හිටියේ....
තඩියා නම් ගණන් හදන අස්සෙත් දත් මිටි කකා මට බැන්නා..කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ගානක් නෑ වගේ මාත් ඔහේ අහන් හිටියා...
මන් ඩික්සන්ගෙන් අහලා හැමතැනටම යන්න ගියොත් පිස්සු හැදෙයි...කවදාහරි බොක දාන්න ලැට් එකට යන්නත් උගෙන් අහන්න වෙයි....ඌ කවුද මගේ?...මන් කවුද උගේ?....බිරිඳ සැමියාගේ දෙවියා නම් බිරිඳ නෙමේද ලොකු?.....ඌ මට කියලද එක එක වර්ක්ශොප් වල ගියේ.... අමන්දිගේ නලල ඉඹින්න ගියේ....ක්‍රිකටර් කෙනෙක් වුනේ....නෑනේ...ඉතින් මන් විතරක් කිය කිය සිපයියෙක් වගේ යන්න ඕන නෑනේ....
අනිත් එක මම අරුන්ලා එක්ක ගියාට උන්ගේ අස්සේ ඉන්නෙත් නෑ...මායි තඩියයි කොටායි අපි තුන් දෙනාගේ ආතල් එකක් ගන්නවා ලෙසටම....මන් නටනවා නැටිල්ලක් බඩ නවලා පුක කරකලා අනික් එවුන්ව කොර වෙන්න...කැරකිලා දෙකට නැවිලා...ඔහ් හෝ! හිතද්දිත් ආතල්....
කොහොම හරි ඉස්කෝලේ ඇරෙනකොටත් අපේ දොස්තර මහත්වරු ටික ඇවිත් නෑ....මොකා දොස්තර වුනත් පුක්සන් නම් දොස්තර පට්ටමට ගැලපෙන්නේ නෑ....
ඌ තමා ඉහින් බහින ලෙඩක් නැතුව හිටිය අහිම්සක රාධේ පුතාව පත ලෙඩෙක් කලේ.....අනේ අම්මගේ සුදු පුතා පව් නේද?....මට දැන් ලෙඩ කීයක්ද?....ගාන මතකත් නෑ.....
"අම්මි හෙට අපිව කාර් එකේ බස්සයි පාටියට...උඹලා දෙන්නාගෙන් කාගෙහරි ගෙදරට අපි එන්නම්....ඉවර වෙලා ගෙදර එන්න ඕන මට දහයට කලින්....මගේ කුණු චුච්චාට පාලු හිතෙයි මන් නැතුව...ම්හුක්...."
දොන්ත කොටා කියවන්න පටන් ගත්තේ අපි ගේට්ටුවට ඇවිදන් යන ටිකට....
"කවුද යකෝ ඒ කුණු හුච්චා?...බිජ්ජ පොඩි එකෙක්ද?...හා..හා...."
"හුච්චා නෙවේ අනේ....චුච්චා...ඒ මන් බදාගෙන නිදාගන්න කොට්ටේ බන්...."
ඌ නම් යන ගමන ගැන චූන් වෙලා ඉන්නේ....ඌ විතරක් නෙමේ මාත් යකෝව්..
ESTÁS LEYENDO
රාධේ (Non-Fiction)
No Ficciónඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing