✨️84 කොටස✨️

8.8K 812 1.4K
                                    

ඉතින් ඊට පස්සේ....ඊට පස්සේ තමා හොඳම දේවල් වුනේ...මගේ ජීවිතේ පජාත හැරවුම් ලක්ෂය...ගණවල මධ්‍ය ලක්ෂයත් මතක් වෙනවා ඒ අස්සේ....

සෙට් එකක් ඇවිත් අපි අටදෙනාගේ මූණු වහලා නහයට ක්ලෝරයිඩ් තියලා...ආහ් වැරදුනා...නහයට ක්ලෝරෆෝම් තියලා සිහි නැති කරලා සාමාන්තර ලෝකෙකට අරන් ගිහින් ගල්ගුහාවක හිර කලා....හික්ස්...පිස්සුද එහෙමවත් වුනා නම් එකක්...එහෙම වුනා නම් මාත් සතුටින්....බබාලත් සතුටින්...

අපේ ජීවිත වලට එන සමහර කාලකන්නි යක්කුන්ව දුම්මල තියා හුම්මල ගහලවත් එලවන්න බෑ කියලා අද මම වටහාගත්තා අම්මේ!....බෝධියේ 11C එකට ආවා නම් ගෙවන්න වෙන කරුම තමා මගේ මේ වටපිටාවේ ඔබට දිස් වන්නේ.....

ටෙශානයා හදපු හුටන් සමීකරණයක් නෑ...අපි අට දෙනා ගේට්ටුව ලඟ ලබ්බක් කරනවා...වෙන එක බල්ලෙක් ආවේ නෑ කියහන්කෝ...වෙනදට මේ වෙලාවට ඉස්කෝලෙන් බාගෙකට වඩා හුටන්ලා එන්ටර් වෙලා....ඒත් අද මොකෙක්වත් නෑ.....

යම් වෙනසක් සිදුවී ඇති හැඩයි.....කිමක්ද මෙහි සිදු වී ඇති අරුමය මලිත්?...මලිත් මගේ ප්‍රශ්න වලට උත්තර දන්නවා නම් මන් මෙලහකට ලංකාවේ ජනාධිපතිගේ ලේකම්ගේ පුතාගේ පුතා වෙලා....හුම්.....

මාව ඉස්කෝලෙන් අස් කරලාද දන්නෑ...මාව අස් කලත් හේසාන් නිර්වාන් වගේ බර අතු අස් කරයිද...සල්ලි වලින් බර නොවුනත් බෝල අම්මියාත් ඇඟ ජොල් කඳ මහත බඩ්ඩක්නේ....

"මොකක්ද උට්ටෝ ටෝ දාගෙන ලියන්නේ?...ගණන් හදන්න දෙයක් නෑ ඕයී ටාප්පෙකින් පනින්න...කොල්ලෙක් නේද?..කෙල්ලොට් ඔයිට හොඳයි යකෝව්....පොටේම ඇලිලා ඉන්න ටෝ වගේ ලොන්ට පොලොස් ඇඹලයන්ට අහවල් එක කරනකොටට් කවකටු පෙට්ටිය ඕන වෙයි...එක පෙට්‍ටියක් කඩන්න ටව පෙට්ටියක් ගෙනියන ලෝකේ පලවෙනි එකා ටෝ වෙයි ටෙශාන්!.... බලාගෙන ඇහේ පොට යයි උඹේ....."

මම ජාතික හිඟන්නා වගේ ගේට්ටුව ඉස්සරහ ඉඳගෙන බිම කොටු රූල් පොත දිග ඇරන් නටන ටෙශාන්බාහු යකාට බැන්නා..ඌ නෙමේ ගණන් ගත්තේ...පගා නහය උඩ කන්නාඩිය එජස්ට් කර කර ගණන් හදනවා...

"පොඩ්ඩක් ඉන්න රාධේ කෑ ගහන්නේ නැටුව...ආවට ගියාට ගණිටය හදන්න බෑනේ..ඔයාලට ටියෙන්නේ මන් හැදුවාම නගින්න විතරයි....මටනේ අමාරුම වැඩේ ටියෙන්නේ...පොටට අව්ව වැටිලා මට ඉලක්කම් පෙන්නෙට් නෑ....වැඩේ පරක්කු කරන්නෙපා...."

රාධේ (Non-Fiction)Where stories live. Discover now