✨️88 කොටස✨️

8.8K 831 1.5K
                                    

ටට්ටු කරන්නාට දොර ඇරෙන ගමන් හොටු හීරේ කියලා ශේක්ස්පියර් කියලා තිබ්බට මොකද අපේ ගෙදර දොරට ටට්ටු කලේ මොන මහසෝනාද දන්නේ නෑ....

ඒ එහා ගෙදර මහසෝනා නම් තඩියා කීවා වගේ ඩික්කිට මල පැනලා මල්ටි බැරල් ක්ලේමෝ එකට ගට්ටවලා හෙන යුද්ධයක් ඇති වෙයිද දම්සාරී?....මගේ බොක්ක කූල් වෙලා ෆැන්ටා වෙනවා එහෙම හිතෙනකොටත්....

බතලයාට පිස්සු...උගේ නිකම් තියෙන මොලෙන් කුණු ලබු හිතලා මගේ යසට තියෙන ලක්සන ස්මාට් මොලෙත් කනවා...මැද දත නැති මොල කන හුප්තා!...

ඕකා ඊලඟ ආත්මේ සොම්බියෙක් වෙලා හෝ හෝ ගගා ඇවිදන් යයි ඔල්මාදෙන්....හේසානුත් ඒ පස්සෙන් ක්‍රිකට් බැට් එකක් උස්සන් දුවයි ක්‍රිකට් සොම්බියෙක් වෙලා.....ඒ පාර උන්ගේ සොම්බි ඉලව්වක් හිතේ මැවෙනවා කියහන්කෝ.....

මහසෝනා එහා ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට්ට කොළුවායි මෝහිනීත් එහෙ ඉන්න ඕන....කොල්ලෝ දෙකයි කෙල්ලයිනේ....හොරර් සීන් එකක්....හොරර් වෙයිද හොර වෙයිද?.....

හැබැයි උන් දන්නේ නෑ ගරා යකා ඉන්නේ මෙහෙ කියලා.....දැනගත්ත දාට රෙදි ගලවන් පාරේ දුවන්නේ ඕකුන්....මෙහෙම හිටියට මන් හරි සැරයි යකෝව්.....භයානකයි...පොඩි එවුන්ට මාව දැක්කාම නැපියේ කක්කා යනෝ....ඕහ් යෑර්ස්!!!....

අම්මා ක්‍රාස් ගාලා දොර ඇරලා යැයි යැයි ගගා මොකෙක්දෝ එක්ක කතා කරනවා ඇහුනා...මට වැඩක් නෑනේ අනුන්ගේ හුප්තවල්....

ඩික්කිගේ එකෙන් විතරයි වැඩක් තියෙන්නේ....නිකිල නැවේ ප්‍රශ්නේ විසඳන්න මන් මැදිහත් වෙනවා නම් නිරාගෙ එකත් ඕන වෙයි...මන් මහ ඒසයි හලෝ!.....

මන් මේ සේරම ලබු හිතුවේ කොස්ස අරන් ඒකේ මිටට මගේ ගාම්භීර නිකට තියාගෙන කල්පනා කර කර.....ජාතික වීරයෙක් ගෙදරට පච වුන හැටි....කම්මැලී අෆ්ෆා මට ගෙවල් සුද්ද කරන්න...මට සෙට් නෑ ඒක..

ලව් කරලා කසාද බැඳලා ගිය දාක උයන්න ගෙවල් සුද්ද කරන්න වෙයිද මට?..මට බෑ...මන් ඩික්කිට කියනවා..ඌත් කොල්ලෙක් මාත් කොල්ලෙක්....මට බැරි නම් ඌ කරන්න ඕන....

ඕකේ වයිෆි එනිතින් ෆො යූ කියලා ඌ පොලොව පොල්කුඩු දාලා මදින්නත් බැරි නෑ......කීකරු පාසල් සැමියා ඕකා.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now