අපේ තාත්තාගේ ඒ ටහිකෙන ප්‍රශ්නෙන් මට මල පැන්නා....ඊටත් වඩා දුක හිතුනා..එයා මොන හිතකින් අයියාගෙන් එහෙම ඇහුවද....
අයියා තාත්තා දිහා බලලා අමුතුවට හිනාවෙලා ඔළුව දෙපැත්තට වැනුවා...ඌට දෙන්න උත්තරයක් තියෙනවද ඌ තෝරගන්නේ උගේ තාත්තවද මාවද ඇහුවාම....
ඒක හරියට බිමල්ගෙන් ඌ තෝරගන්නේ මාළු පාන්ද කිඹුලා බනිස්ද ඇහුවා වගේ...ඒ පගා නම් කිඹුලා බනිස් තෝරගනී..ඌට කිඹුල් පිස්සුව....ක්‍රේසි කොකඩයිල්ගේ පුක දයි!
පොඩි ආතල් එකක් හරි ගන්න එපැයි හිතින්...මන් කඳුලු පගයෝ ටික අල්ලෙන් පිහගෙන තඩියාව එහාට කරලා තාත්තා ගාවට ගියා....
"මිස්ටර් ආරව්ට උත්තර නෑ නේද?...එහෙනම් මගේ කොල්ලාට බොරු හෝප්ස් නොදී මෙහෙන් යන්න පුළුවන්....ඩේමියන්ට ගෑවුන කෙනෙක් මගේ පවුලට එකතු කරගන්නේ නම් නෑ මන්....ඒකේ වචන දෙකක් නෑ..."
තාත්තා කටකොනකින් හිනාවෙලා පාච්චලේට කියනකොට අයියා තරහටම උගේ අතේ තිබ්බ බෙල්ට් එක පොලොවේ ගහලා මන් දිහා බැලුවේ රතු වුන ඇස් වලින්....
මන් ඌ එක්ක හිනාවුනා ලාවට...මන් ඔළුව වනලා ඌට ඉඟි කලා සුදු මහත්තයෝ උඹ ඩේමියන් අප්පච්චිව තෝරගත්තත් මන් තරහා නෑ කියලා....
ඩික්කි පුතාගේ ආදරේ කොච්චරද කියලා මන් දන්නවනේ.....ඌට ආයේ ආයේ ඔප්පු කරන්න දෙයක් නෑ....හෝද හෝද මඩේ දාන්නේ මොකටද අපේ නිකලැල් ආදරේ.....
ඌ පව් අෆ්ෆා...ඌ කැහැටුදෙණිය පන්සලේදී කිව්වා හරි...අම්මා තාත්තා අපෙන් ඇහුවොත් කාවද තෝරගන්නේ කියලා අපිට තෝරගන්න වෙන්නේ මහ දෙන්නාව....
"What an unfair question....Mr. Nehara මාත් රධීෂ්ගෙන් ඇහුවොත් මාවද ඔයාවද choose කරන්නේ කියලා would that be fair?..."
හම්මෝහ් සික්සර්.....සැමියා ඇහුවේ ගැම්මෙන්..මගේ කඳුලු පගයෝ උනපු පමාවට වේලිලා ගියා සඳමාලී....
"ප්‍රශ්නෙට උත්තරේ තව ප්‍රශ්නයක් නෙමේ....අහපු දේට උත්තර දෙන්න...මෙතන ප්‍රශ්නේ රධීෂ් මගේ පුතා වුන එක නෙමේ ඔයා ඩේමියන්ගේ පුතා වුන එක...සර්පයාත් එකයි සර්පයාගේ පැටියත් එකයි...වෙනසක් නෑ........"
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing