තඩියාට තුරුල් වෙලා මන් ටිකක් හිටියේ අතකට ෆෝන් එකත් තද කරන්...මගේ හාට් එක ඩග් ඩිග් ඩුග් ගානවා...නෙහාරගෙන් රජ කෑමක් කන්න වෙනවා කෑම පිඟානට බෙදාගන්නත් කලින්ම....
පිඟානක්වත් ඔය මනුස්සයා දුන්නොත් ලොකු දෙයක්....නෙහාරගේ හෝටලේ මෙනු එකක්වත් හම්බෙන්නේ නෑ ඩෝ.....මතක් වෙනකොටත් බොකක් ලෝඩ් වෙනවා....බඩත් බුරු බුරු ගානෝ දැන් නම්...
ෂිට්!..ඩික්සන්ටත් මාව ඉඹින්න තරම් මෝල තද වුනානේ මේ වෙලාවෙම...ඇඟ ජොල් එවුන් ද්‍රෝහියෝ කියලා ඉතිහාසේ තඩි අකුරෙන් ලියලා තිබ්බත් මන් ගණන් ගත්තේ නෑනේ...ඒකයි අද මට කෙලවෙලා ගියේ....
මීට වඩා හොඳයි කොටාට අඬගහලා ඩික්කියාව නවත්තගන්න කිව්වා නම්..ඌ නම් මිනිහගෙ අහවල් එක කටේ දාගෙන හරි නවත්තගනීනේ...
ඊව්...ඒ මොන බත්කන්ඩ වෙන්න සීන් එකක්ද...ඊට වඩා නෙහාරගෙන් ගුටි හැට නමයක් කාලා වගා ලිඳකට වැටෙනවා නම්බුයි....
"සොරි බන්...මන් එච්චර හිතුවේ නෑ අවුලක් යයි කියලා...උඹලගේ තාත්තා යකා වගේ මනුස්සයනේ...දැන්ම එන්න කිව්වා නම් යන්න වෙයිනේ...හෙට උදේ එන්නම් කියලා උඹලගේ අම්මාව ශේප් කරගන්න බැරි වෙයිද බන්?....උඹ බයවෙන්නෙපා...මොනා වුනත් මන් උඹ එක්ක එනවා බන්...."
මගේ පිට අතගගා තඩියා ඔහේ දොඩෝනවා...පව් තඩි බඩාට අවුල් ඇති...මන් බයයි තාත්තාට...එයා කිව්වොත් කිව්වා....කියපු බොරුව අතේ මාට්ටු නිසා එයා මාව හම ගහලා මෝරුන්ට කන්න දායි....
"උඹ එන්න ඕන තමා...තෝ නිසානේ මේ ඔක්කොම....උඹට පොඩ්ඩක් අයියාව නවත්තගන්න බැරි වුනානේ....අවුලක් නෑ...කවදාහරි නෙහාර කොල්ලා මේවා දැනගන්නත් එපැයි බන්...මන් එෆෙයාර් එක නවත්තලා නෑ කියලා දැනගනී දැන්....දැනගන්න කියලත් දෙයක් නෑ අමුතුවෙන්...කන්ෆර්ම් වුනානේ ඇස් පනාපිටම...මට බයයි නම් තමා බන්...දන්නවනේ එයාගේ හැටි...ඒ වුනාට මන් ෆේස් කරනවා කොහොමහරි...දන්සැල් වැඳලා ඉවරයි එයාගෙන් බඩ පුරවගන්න යන්න ලෑස්ති වෙයන්...."
මන් තඩියාගේ තඩි උණුහුමෙන් අයින් වුනා...උගේ මූණ අඬන්න ඔන්න මෙන්න වගේ...වගා අලියෙක් වුනාට ඕකා හිත හොඳ තඩියා.....මන් මූට පට්ට ආදරෙයි....ඒත් කියන්න හොඳ නෑ....තාත්තාට වඩා මූ මට ආදරෙයි.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing