✨️03 කොටස✨️

15.7K 1.6K 953
                                    

"ඇයි මට උඹලා ඔක්කොම එකතු වෙලා නෙලන්නද?...අද මගේ ෆස්ට් ඩේ...ක්‍රිකට් ලේ වල දිව්වේ නැති වුනාට මම දන්නවා ගහන්න...ඔහ් වැරදුනා...බෝල අල්ලන්න...බෝලයක් දැක්කා ඉතින් ඇල්ලුවා...වැරදිද මම මිස්ටර්?...."

ඩිකා..අහ් වැරදුනා ඩීනයා මගේ කොලර් එකෙන් අල්ලන් දත්කූරූ කද්දී මමත් ඌව ගනන් නොගෙන හිටියා...හෙන කොල්ලෝ සෙට් එකක් ගේමට ඉන්නකොට මට පොඩි තිගැස්මක් ඇති වුනේ නෑ කියන්න බෑ...උන් ඔක්කොම එක්ක මට ගහගගන්න බෑ....ඒත් මම බය බවක් පෙන්නුවේ නෑ....රාධේව ගූ කෑලී කොහේ බය කරන්නද?....

බැරිම වුනොත් කරන්න තියෙන්නේ එක දෙයයි...තඩියාව උන්ගේ ඇඟට තල්ලු කරලා මම ඇඟ බේරගන්න එක...වලහාව මුණ ගැහුන යාළුවෝ දෙන්නගෙන් මොලේ තියෙන එකාත් කලේ ඒකනේ...ඇඟ ලොකු එකෙක් ලඟ ඉන්න එකත් එක අතකට වාසියි....

ඩීන්ගේ ඇස් දුඹුරු පාටයි...අමුතුම ගතියක් තියේ...ලඟට දැක්කාමනේ ඒකත් පෙනුනේ.....මුගේ ගතියක් නැති එකක් නැද්ද බන්....ආහ් තියෙනවනේ ලෑලි පුක...තව පොඩ්ඩෙන් අමතකයි....

"Bastard....බෝල අල්ලන්න ඔච්චර ආසද උඹ?..."

යකෝ මෙන්න මූට සිංහල පුළුවන්...ඒත් ඒ ඇක්සන්ට් එක නම් පට්ට ඈ...අම්මෝ කඩ්ඩෙන් කතා කරනවා තරම්ම ගති උගේ සිංහලත්....මටත් ආසයි...

"මචං ඩීන් එපා බන්....වලියක් ඕන නෑ....මේ මැච් එකත් ලඟයි...කේස් එපා...මම මේ අනික් මල්ලිව අඳුනනවා..."

දැනුම් තේරුම් තියෙන උස පඬි ඩයල් එකක් මැදට පැන්නා....

අපරාදේ!! මට ඩීනාව අවුස්සලා ඌට අනින්න තිබ්බේ දතක් ගැලවෙන්න....

"ජාලී...මූ උඹේ යාලුවෙක්ද?..."

මැදට පැන්න උස ඩයල් එක වෙව්ලන ජාලියා දිහා බලලා ඇහුවාම ඔළුව නටවන බෝනික්කා වගේ මූ ඔළුව වැනුවා...

"මේ මල්ලී උඹ මොකටද අහක යන ප්‍රැක්ටිස් මැච් එකක් අස්සේ රිංගන්නේ...බලපන් මූව 49න් අවුට් කලා උඹ...උඹ ටීම් එකේ එකෙක් නෙවේ නිසා ඒක ගනන් ගන්න බෑ තමා...ඒත් උඹ මැච් එකේ ත්‍රිල කෑවා බන්..."

"ආහ් දන්නවා නම් මේ අයියාව 69න් අවුට් කරන්න තිබ්බේ නේහ්...shit I am so sorry!...you know 69?...sex position?.."

රාධේ (Non-Fiction)Where stories live. Discover now