✨️52 කොටස✨️

12.8K 1.1K 1.8K
                                    

ඊට පස්සේ ඩික්කයියා ටොම් කෲස් වගේ උඩ පැනලා ස්ටන්ට් එකක් දාලා ධනුෂ්කයාට හික් ගෑවෙන්න ඔළුව මැදටම පාරක් ගැහුවාම රෝයල් උතුමාණන් ඇඬුවා ඇඬිල්ලක් විජේරාම හන්දිය දක්වා ඒරියා එක සෙලවෙන්න...

සෙලවෙන හංදිය කියන්නේ විජේරාමෙට වෙන්න බෑත...හික්ස්....

ඌ ලේ පෙරාගෙන බිම වැටුනා...ඒත් ඌ ඇඬුවා ආලියා බාට් වගේ...මට දුකත් හිතුනා...මම ඩික්කාගේ අතේ එල්ලිලා අනේ අයියාහ්හ්හ් මේ අයියාහ්හ්ට ගහන්න එපාහ්හ්හ් කියලා නිබ්බියෙක් වගේ පොස් ඇක්සන්ට් එකෙන් කීවේ ඇහැට කඳුලක් ආරූඩ කරන්  ඒ අතරම ගුද මාර්ගයට බොකකුත් ලෝඩ් කරන්...

බොක එන්න වෙලා ගියා...බොක ගිහින් උගේ කෑල්ල එක්ක ඇමිනෙන්න...ඉතින් වෙලා යනවා කිව්වා එන්න...මන් ඉතින් දුප්පතාගේ ප්‍රේමය අඳුනන නිසා ඩෝන්ට් වොරි යූ කැරියෝ කියලා බොකට හිතින් කිව්වා....කැරියෝ නෙමේනේ...සිංහල ඉංග්‍රීසි සමාන වචන තිබ්බාම ඔහොම ටැපලෙනවා යකූ...මන් කිව්වේ කැරි ඕන් කියලා...හික්ස්....

කෝමින් කෝමහරි ඩික්කා මන් දිහා රවලා බැලුවා ඌ අතේ මන් එල්ලුනාම...ඌ ධනුෂ්කයාට පයින් ගහලා කෑම මේසේ ගාවට ගිහින් එතන තිබ්බ පාන් කපන පිහියක් අරන් මා ගාවට ඇවිත් මගේ කන කැපුවා කියහන්කෝ..

හනේ...මට රිදෙනෝ.....කන කපපු ගමන් ගලාගෙන ගිය ලේ දැක්ක ඩික්සන් අප්පු තොල කට ලෙව කෑවේ බිමල් පෙරේතයා වගේ....

ඊට පස්සේ තමා හොඳම ටික වුනේ...

ඌ ඊට පස්සේ කපපු කනට ලන්වෙලා දිවෙන් ඒ ලේ ටික උරා බොනකොට කොහෙදෝ මගුලක ගිය බොක උගේ කෑල්ල එන්න පරක්කුයි මන් එනෝ කියලා ලෝඩ් වෙලා උඩට ආවා මට ඇතිවුන බයටම...හයියූ සීලවතී!

ඇත්තටම දැන් ඔය සීන් එක මගේ හිතේ ඇඳුනේ වැම්පයර් ඉනිමේ කථාංගයක් විදියට...ඕවා ලොවෙත් ඇත්ත ලෝකේ වෙන්නේ නෑනේ රන්දික!...

ඒත් මගේ කේශ නාලිකාවල...සොරි වෙම්ඩෝනා....රුධිර නාලිකාවල ගලන්නේ පිච්චෑර් දිරෙක්ටර් හැකියාව නිසා ලෝකෙ පෙරළුනත් ටහිකෙන චිත්තරූප මවාගන්නේ නැතුව නම් ඉන්න මට බැරියෝ......

මන් ඉතින් මනෝ පාරක් ගැහුවේ ධනුෂ්කයාගෙ කණට පාරක් ගහන්න බැරි නිසා....ඔය අහක යන වලි මැද්දට පැනලා මට වලිප්පුව වුනත් හැදෙන්න බැරි නෑ....

රාධේ (Non-Fiction)Where stories live. Discover now