✨️58 කොටස✨️

10.8K 1K 1.8K
                                    

පකලංකයාගේ වචන වලට මාව මන්දමෝල් වෙලා ගියා...වලිප්පුව හැදෙන්න ඔන්න මෙන්න...මූ ඩික්කි පුතාට ලව් කලාලූ...ඩික්සන් තරම් නොවුනත් අකලංකයා කියන්නේ හයේ හතරේ පොරක්...ඉතින් මේකා ඩික්කාට ලව් කරන එක සෙට් නැහැ වගේනේ ඉතින්....

ඩික්කි එක මූ බිංදුවද...ඩික්කි උඩ මූ යටද....යකෝව් රාධේ හෙන ගහනවනේ බන් උඹට මැවෙන ටහිකෙන චිත්තරූප වලට....ඒකත් පිට එකෙකුයි දරුවන්ගේ අප්පායි ජෝඩු කරලා....හරිම කැතයි....සැක්.....ඉක්මනටම පිරිත් පැන් කලයක් ගෙන්න ගන්න වෙනවා අම්මාට කියලා.....

ගාමිණී ශුදේව උඹලට උහුලන්න පුළුවන්ද මේ ටහිකෙන කතා....කලවැද්දෝ වෙන්න ඇති මේවා මට හිතවන්නේ....ඉස්සර මගේ හිත මෙච්චර දූසිත නෑ...කලවැද්දොත් විරුවෙක් පත් කරන් හිතට කෙලෙව්වද මන්දා අපේ රටට වගේම....

මන් බලෙන්ම බහුබූත හිතන්න ට්‍රයි කලත් පකලංකයා ඩික්සන්ට ලව් කලා කියන එකම කන ඇතුලේ දෝංකාර දුන්නා...ගූ වලක් අස්සටම තත්පරයක් ඇතුලත රිංගන්න තරම් වේගවත් වෙන මගේ හිත එකපාරටම ස්ටක් වුනා පරණ සීඩී තැටියක් වගේ...

අඬන්න හිතුනේ නැතත් දුකක් දැනුනා...මිනී මෝරෙක් පපුව හාරගෙන එහෙ මෙහෙ ගියා.....ප්‍රේම යුද්ධයට ගිහින් වෙඩි කෑවා වගේ සික් ෆීලින්ග් එකක් ලෙසටම දැනීගෙන ආවා සඳමාලී!

ලව් කරනකොට රිදෙනවා කියන්නේ ඇත්ත වෙන්න ඇති...ඉස්සර මන් හිතුවේ ලෝකේ තියෙන ලොකුම දුක ඉන්ජෙක්ශන් එකෙන් පුකට බේත් විදිනකොට තියෙන අමාරුව කියලා...

බලාගෙන ගියාම තමන්ගේ මිනිහාට වෙන එකෙක් ලව් කරනවා කියලා ඇහෙන එකම මිනීමරන්න තරම් කේන්ති යන ලාවා ගලන තරම් හොටු ගලන පරාණ දුකක් ගාමිණී!...මේවා අහන්න ඇයි මන් ජීවත් වුනේ බන්?....කොටා වගේ හනේඒඒඒ ගාලාවත් කියලා අඬන්නයි මට තියෙන්නේ....

ගාමිණීලට ඇච්චෝ බැච්චන්ගේ ලව් තේරෙනවා නම් මොනා කරන්න බැරිද....ඊයේ අර බැම්ලි නිශාදියා ඒකිගේ අනික් කෙල්ලෝ සෙට් එකත් එක්ක මට සාප කරලා මන් වගේ පෙනුම තියෙන කුරුම්බැට්ටි බෝනික්කෙක් හදලා උණු වතුර කල්දේරමකට දාලා හැඳිගෑවද දන්නේ නෑ නපුරු මායාකාරියෝ වගේ....

රාධේ (Non-Fiction)Where stories live. Discover now