✨️11 කොටස✨️

13.8K 1.5K 803
                                    

සිරිවර්ධන සර්ගේ පීරියඩ් එකම ඩීනුයි උගේ ගෲප් එකයි හිටියේ කොරිඩෝවේ දණ ගහගෙන...අපේ මිසුත් ආවා..එයා පට්ට සැරයි...ඒත් මම සැරින් සැරේ හොරෙන් වගේ අරුන් දිහා බැලුවා...

නිර්වානයා හිටියේ නම් මාව තෙල් දාලා කන සයිස් එකෙන් බලන්...තමුන්ගේ කොස්සවත් රැකගන්න බැරි කෑකෝ පප්පෙක් ඌ...ඌට තිබ්බා බලෙන් උදුරගෙන හරි යන්න කොස්ස...එහෙම ගියා නම් කටු කන්න ඕන නෑනේ පාරේ යන හොරිකඩ බල්ලෙක් වගේ...නැද්ද මන් කියන්නේ?..උගේ නොහැකියාව....

ඒකට ඩීන් නම් හිටියේ මගේ දිහාම බලාගෙන...උගේ ඒ දුඹුරු පාට ඇස් ඒ බැල්ම මට අල්ලන්නේ නෑ...ගලවලා අතට දෙන්න හිතයි...ඌ දුක් සීන් එකේ යන්න හදනවද දන්නේ නෑ...කෝමත් උගේ දුක අහන මල්ලි වෙන්න මගේ කැමැත්තක් නැහැ....මට දුකක් නැත්තෙමත් නෑ...අනේ මන්දා!

"උඹ නම් මහ මොකෙක්ද මන්දා...බලපන් ඕන නැති ගූ වැඩක්නේ කලේ..මොකටද අරුන්ගේ කොස්ස අරන් උන්ට ඇඩ්‍රස් නැති කලේ?....අපිට ඔහොම එකක් වුනානම් එහෙම...."

බත් ගුලියක්ම කටේ පුරවගෙන තඩියා මට කිව්වේ ඉන්ටර්වල් එකේදී....අපි ඉන්ටර්වල් එකේදී ආහාර භෝජනය සඳහා සක්විතිගේ පේලියට මාරු වුනා...පිටිපස්සේ පේලියක ඉඳලා ගන්න ආතල් එක ඉස්සරහටම ගිහින් ගන්න බෑ පගෝ....

පක්විතියා මා දිහා බැලුවා බැලිල්ලක් මාව පිච්චිලා යන්න...ඌ බත් එක ඇණුවේ මට වඩා හැතැප්ම හාරදාහක් ඈතින්....කොට මහත විසබීජ ඈතින් තියාගන්න එක හොඳයි.....

"මට උඹ එක්ක කතාවක් නෑ රාධේ....උඹ ආරව් අයියට කිව්වාත් එක්ක මම ඩස්බින් එකේ වමනේ දැම්මා කියලා...ඒක පිලිගන්න පුළුවන් එකක්ද පගෝ?...අවුරුදු එකොලහක ජීවිත කාලේ ඇතුලත...මන් කිව්වේ ඉස්කෝලේ කාලේ ඇතුලත මම කවදාවත් කාණුවකට ඇරෙන්න වමනයක් දාලා නෑ ඕයී...කුණු බාස්කට් එකේ හිල් තියෙනවා කියන එකත් උඹට අමතක වුනාද?...අතේ පැලවෙන බොරු කියන්නෙපා...ආරව් අයියා මන් ගැන මොනා හිතනවා ඇතිද?...උඹ මගේ සායම යැව්වා....ශික්.."

"ඇත්තදූ?..වරෙන් පුතේ හරහට නලවන්න...ඌ ඒක පිලිගත්තා යකෝ...උඹේ සාය ගියා නම් අම්මගේ යට සායක් අරන් ඇඳගනින්...ගෑණුවත් ඔහොම නහයෙන් අඬන්නේ නෑ බල්ලෝ...අනික ඩීන් මගේ එකා...උඹට හරී ඇම්මනේ ඌ හිතන එක ගැන....බත් කන්න විතරක් ඔය හුඹස් කට ඇරහන් මගෙන් අහගන්නේ නැතුව තෝ..."

රාධේ (Non-Fiction)Where stories live. Discover now