ඩික්කියා මට බසයෙන් බහින්න ඉඩ දෙනකොට මූණට ඇසිඩ් වැදුන පෙරේත කෑරලෙක් වගේ තීක්ෂණ පකා මන් දිහාම බලා හිටියේ ඌ ජනාධිපති චන්දෙන් දිනපු ගානට...
උගේ හෙංචයියෝත් ඌට සපෝට් එකට උගේ පිටිපස්සෙන් බොඩිගාඩ්ලා වගේ හිටගත්තා....කෝමත් මූ ලඟදි ඩික්සන්ගෙන් ගුටි කාලා මැරෙනවා...එතකොට බොඩිය ගාඩ් කරගන්න ඌට කට්ටිය කොහොමත් ඕන වෙයි....
මට සෑහෙන අවුල්...බයකුත් නැත්තේ නෑ....ඒ වුනාට සැමියා තඩියා සහ මසියලා ලඟ ඉන්න නිසා ඒ බය කියන හැඟීම මම ලොකූ පඩයක් බවට පරාවර්තනය කරලා පශ්චාත්බාගයෙන් එලියට හීන් සිහිල් සුලඟක් වගේ මුදා හැරියා...ලඟ පාත හිටපු එවුන්ගේ නහයවල් ගැන කියන්න නම් මන් දන්නේ නෑ...මට අදාලත් නෑනේ සාන්ත...පඩ මගේ නම් අනික් අයට ඇයි වේදනා?....
මන් මගේ බෑග් එක ගලවලා තඩියාගේ කරට දැම්මේ ඩික්කි පුතාගේ බෑග් එකත් ඌට දෙන ගමන්....අතිශය සංවේදී උදේවේගකාරී සාතිශය සංවේගයක් දැනෙන මේ මොහොතේ බතලයා මන් දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්...
ඌට ඇහැකි වුනා නම් බෝල අම්මියා මාව බිත්තරයක් වගේ බැදගෙන කාලා ගුඩුස් අරිනවා මෙලහකට.......
බතලයාට කේන්ති ගිය එක පට්ට සාධාරණයි.....තඩියාගේ පිටේ උගේ බෑග් එක...අනික් කරේ හේසානයාගේ බෑග් එක...දැන් මම තව බෑග් දෙකක්ම ජොල් ඇඟාට ප්‍රදානය කලා.....
මූ හිටියේ ඇඟ තඩි බෑග් හාමි වගේ.....බෑග් තඩියා...බෑග්ටාමි....මුට්ට කරගහන මනුස්පයා නාට්ටාමි නම් බෑග් කරගහන එකා බෑග්ටාමි වෙන්න බෑද දම්සාරීගේ පවන්?.....
මන් ඉතින් ෂර්ට් කොලර් එකත් හරියට හදාගෙන ෂර්ට් එක කලිසමට හොඳට යට කරලා ගැම්මෙන් ෆුට් බෝඩ් එකෙන් බැස්සාට බොක්ක ඇතුලේ එකම අලකලංචියයි...
අල්ලට දාඩියත් දාලා...පුකේ පලු දෙකටත් දාඩිය දාලාද මන්දා...ඒවාට දාඩිය දාන්න ඇත්තේ ඉතින් පූපට ජැක් ගහන් හිටපු පොට්ටනි රාල නිසා වෙන්ටෝන....
ඩික්කියාගේ අලුත් නම පුක්සන් ආරච්චිලාගේ තුනී ලෑලි පොට්ටනිරාල ඩික්සන්....උප්පැන්නේ ඉඩ මදිවෙයි මුගේ නමත් එක්ක පොඩි එවුන්ට කෑලී තුනේ නම් දාන්න....හික්ස්...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing