අපේ තාත්තාව මට පෙනුනේ දස මහා යෝධයෙක් වගේ...පපුවට අත් බැඳන් එයා මන් දිහා සැකෙන් වගේ බැලුවේ අම්මාත් ඉණට අත් තියන් රවද්දී...
අද මට පෙනෙන්නේ ඔබව යෝධයෙක් වාගෙයි තාත්තේ🎶
අවස්ථානෝචිත සිංදුවකුත් ලාවට ඔළුවේ ප්ලේ වෙන්න ගත්තා කියහන්කෝ....
"මන් මේ ඒක අම්මාට ජෝක් එකට කිව්වේ...දන්නේ නැද්ද...කොල්ලොනේ තාත්තේ...මන් පොඩි කොලුවෙක්නේ තාම...මිනිහෙක් තියා කෙල්ලෙක්වත් කොයින්ද මට..හේ...හේ......"
මන් බලු ඇස් තාත්තාට පෙන්නලා...බලු ඇස් කිව්වේ බුලු අයිස් නෙමේ...පපී අයිස්...ස්නෝවියාගේ ඇස් පෙන්නලා දත් පනහම එලියේ දාලා විරිත්තුවේ බඩ බොක්කත් හාට් එකත් එක්කම ගැහෙද්දී....තාත්තා කියන්නේ ශුවර් කරන්නම බැරි පුත්තරයෙක්....එයාව තම්බන්න ලොවෙත් බෑ....
නිරායියාගේ පර්ෆියුම් සුවඳ තිබ්බ මන් ඇඳන් හිටපු උගේ ෂර්ට් එකේ කොලර් එක ශේප් එකේ උස් කරගත්තා මන් කෝකටත් කියලා....බෙල්ලේ රටා පියාට පෙනුනොත් බෙලි ලෙෆ්ට් වෙනවනේ දම්සාරී....බෙලි අත්තෙන් බෙල්ලක් ගේන්න වෙනවා එහෙනම්....
සුදු මහත්තයා මොන හිතකින් වෙන පගයෙක්ගේ ටී ෂර්ට් එකක් මට ඇන්දුවාදත් මන්දා....අන්තිමට මන් නිරාගේ රාධේ වුනා...ඉම්හි....ඉම්හි....චිත්‍රපටිවල කොල්ලා එක්ක කලින් දවසේ රෑ දඟ කරපු කෙල්ලෝ උගේ ඇඳුම් ඇඳන්නේ ගෙදරින් එලියට බහින්නේ පහුවෙනිදා උදේට...
කඩවුලේ....මම අන්තිමට ඇඳගත්තේ නිර්වාන්ගේ ඇඳුමක්...ඌ අතින් මාව කිළුටු වුනා....ඌ මාව උගේ කරගත්තා වක්‍රාකාරයෙන්.....හනේ මට ඇස් දෙකෙන්ම ඇඬෙනවා සීලවතී!
නිරාගේ පැටියෙකුත් බඩට ආවොත් බඩු මාළුපාන් වෙනවා...හැපූ...අර වසවර්ති සැමියා මාවත් කපලා නිරාවත් මාළු වගේ කපලා මාළුකාරයෙක් වගේ කෑ ගහගා යයි රාධේවල්ලෝ සීයක් පන්සීයයි නිරාකොරලි සීයක් දෙසීයයි කිය කිය....මට ලෙසටම ට්‍රැක පැනලා....
අපේ අප්පොච්චාගේ දෑස් වලට මගේ අනික් සුදු අප්පොච්චා දීපු දෙතිස් වදේ සලකුණු පෙනුනොත් මන් අපායගාමී වෙනවා...මේ වැඩේ හරි යන්නේ නෑ....යන යන තැන වලක් කපන්න එකෙක් දැන් හරි මන් හොයාගන්න ඕනා....එක්කෝ උඹ වරෙන් ඒ වැඩේට ගාමිණී!
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing