මා දිහා තප්පර අරික්කාලක් බලපු සැමියා අහක බලාගත්තා කියහන්කෝ...වස නෝන්ඩිය...ඇයි ඩෝ මගේ මූණ කැතද කියලා මන් උගෙන් අහනවා ඒත් තාම ලෙඩා දුකා නිසා මම කටවහන් හිටියා...අතකුත් බැඳන් ඉන්නවා මදිවට මට පඩ ෂෝ දාන්නත් පටන් අරන්....
මම ගෙම්බෙක් වගේ කැතයිද සැමියෝ?...මගේ තොල් කෑදර ඌරෙක් වගේ හපනකොට නම් බොට පට්ට ආතල්...ආයේ වරෙන්කෝ තොල් උරන්න කුම්කු බලන්න ගල් බලන්න එහෙම...ගහනවා උඹට ඇස් දෙක නලලේ හිටින්න...
ඇයි මට ගෙම්බා කිව්වේ මන් කැතද 🎶
ආයෙම සිංදුවක් මතක් වුනා...මූ අර කැත ගෙම්බාගේ කීටැග් එක මගේ බෑග් එකට මන්දෝ කලේ ඒ පඩ ගෙම්බා වගේම මාත් කැතයි කියලා ඔප්පු කරන්න වෙන්න බෑත...එදා ඩික්සන් ඒක තෑගි කලාම මම ඌව තේරුම් ගත්තා වැරදි වෙන්න බෑත....ගෙම්බෙක් වෙනුවෙන් මම ඌට මගේ ආත්මයම දුන්න වැරැද්දනේ....
උඹ මාව ගෙම්බෙක් ගානට දැම්මද මිනිහෝ...උඹට ගහන්නේ මම උල් සපත්තුවකින්...නපුරු සතා ඩික්සන්....මට උඹ එක්ක තරහයි සැමියෝ...බොට ගහන්න හිතයි...
වයිෆී අයි ඈම් බැක් කියලා මාව බදාගන්න තිබ්බානේ වුබර්ට...බොරුවට මිස් යූ යැයි යැයි ගගා පණිවිඩ මොකටද එව්වේ?....බොරුවනේ...තනි බොරුව....
පහුගිය සතියේ උඹ අලුත් කෑල්ලක් ටෝක් කලාද?...ඒවා නම් හඳේවත් බෑ මගේ හබී...එහෙම වුනොත් උඹේ අහවල් එක කඩලා කනවා මන්....
එච්චර බදාගෙන තොල් හපාගෙන සීන් එකක් බැරිනම් නොතේරෙන ඉංග්‍රීසියෙන් හරි මා එක්ක උඹට දොඩන්න තිබ්බා කලවැද්දන්ට කරන්ට් වදින්නම....උඹේ ඇක්සන්ට් එක පට්ට නිසා බීරී ගොනා වගේ මන් අහන් ඉන්නවනේ බොල...උඹේ වොයිස් එක නම් ගිනි ගින්දර! මම ඒ ගින්නට පනින පිලිහුඩුවෙක් යකෝව්....
ඒ මොනා වුනත් උඹ අද කලේ කැත වැඩේ...ගංකබරයා ඉස්සරහ උඹ මාව ගණන් නොගෙන හිටියා....
බෝධියේ දුෂ්ට සැමියාට එරෙහිව පෙලගැසෙව්ව්ව්ව්ව්! ගැසෙව් ගැසෙව්!!!
අනික පිට මිනිස්සු දෙන්නෙක් ඉස්සරහ මොකටද පවුල් ප්‍රශ්න ඇදගන්නේ...ගංකබරයා වගේම මගේ තඩි ෆ්‍රෙඩාත් පිට පිරිමිනේ යකෝව්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing