✨️23 කොටස✨️

10.5K 1.2K 1.4K
                                    

ඩාන් බාන් ගාලා දොර වැහුන සද්දෙට මම ඔලුව උස්සලා බැලුවා ඇවිත් තිබ්බේ සැමියා සහ මස්සිනාලා ටිකද බලන්න..

මගේ මූණ මැලවිලා පරවෙලා සඳ බොඳවෙලා ගියේ ඇවිත් හිටපු හොට දිග වළි කුකුලාව දැකලා....මාර කරුම යකෝව් මේවා!...

බලනකොට දොර සද්දෙන් වහලා තියෙන්නේ දේව්දාසයානේ...පාළු ගෙවල්වල කළ බිඳින්නේ මූ වගේ ඇට්ටරයෝ තමා...සිඟිති පාතාලේ චණ්ඩි.....ආවා මෙතන දොර වහලා මාව බය කරන්න...වැඩිය දැඟලුවොත් මුගේ කටට සිමෙන්ති දාලා වහනවා මන්...

ඌ දොරට හේත්තු වෙලා කින්ඩි හිනාවක් දාගෙන අත් පපුවට බැදන් හිටියේ ඌ වැඩ්ඩෙක් කියලා පෙන්වන්න වගේ...මට කෑ ගහලා අහන්නත් හිතුනා ඕයී දේව් තොගේ අරක ලොකුද කියලත්...ඔව් මගේ එක ලොකුයි තොට පෙන්නන්නද කියලා ඇහුවොත් වස ලැජ්ජාව නිසා මම කට වහන් හිටියා...

කොහොමත් අදාල නැති ලබ්බවල් අහන්නම මගේ කට නලියනවා කියහන්කෝ...නර්ස් ගාව කට නලියනවට සුදුසු බෙහෙතක් නැති වෙයිද.....කටකලියාවක් දාගනින් කියලා ඒ ගෑණී කිව්වොත් ඒකත් ලෝක ලැජ්ජාව...

රාධේ අප්පු කටකලියාවක් දමාගෙන ගමනේ කියලා ලෝකයා මට ගල් ගසාවි...රෙද්දක් ඇඳන් ඉතිහාසේ නැවත ලියවන්නේවත් කොහොමද....සැක්!

ඔක්කොමත් හරි ඩික්සන් අයියා දේව්කාරයාගේ නහය පලපු තැන ගංකබරයා සුදු ප්ලාස්ටරයක් හරහට දාගෙන...හරි කැතයි යකෝව්...කිරි කලේට කක්කා බිංදු තුන හතරක් දැම්මා වගේ...සෙට් නෑ....ගූ කැතයි....

හොඳ වැඩේ මාව අතපත ගාලා ෆන් ගත්තට....මට මිනිහෙක් ඉද්දිනේ මූ මා එක්ක හැමිනෙන්න ආවේ....උගේ විහිලු මූණ දැකලා මට බකස් ගාලා හිනාවක් පැන්නා...හිතලා පැන්නුවා නෙවේ ඉතින්...

තඩියා මන් දිහා බලලා රැව්වා රැවිල්ලක්...ඌට පුළුවන් ඔච්චර තමා...මූ මාර බයයි අයියලට...ඔහොම බය වෙලා මෙහෙ වසන්න බෑ පගෝ...

රුක්සාන් අයියා වගේම යන යන තැන දේවදාසයා එක්ක එහෙ මෙහෙ යන දාසයෝ දෙන්නත් ඌ එක්ක හිටියා...අර 2000 කාලේ...ඒ කියන්නේ අපේ අම්මලගේ කාලේ ගහපු සිංහල සිංදු විශුවල්වල හිටපු කනාටු කොල්ලෝ ටිකක් වගේ මට උන්ව පෙනුනේ..

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant