ඒ කටහඬ තාත්තාගේ නොවුන එකට මම තිස්තුන් කෝටියටම හිතින් පින් දුන්නා...එහෙම වුනා නම් මේ ගෙවෙන්නේ රාධේගේ හත් වරුවේ දානේ....හෆෝයී!
හිටියේ අම්මා ඉලපත අමෝරගෙන..නෑ නෑ...මොනා අමෝරගෙන ඉන්නවද බලන්න මන් හැරුනේ නෑ...එයාගේ කටහඬ මන් හීනෙන් වුනත් අඳුරනවනේ....
මෙලෝ සිහියක් නැතුව දුවගෙන ඇවිත් අපි දෙන්නා මගේ ගෙදර දොරකඩ පේන මානේනේ ලව් කරන්න හදලා තියෙන්නේ මෛත්‍රීපාල!
ආලය අන්ධයි කියන්නේ කට කහනවටද ඉතින්?....
හිච්චි ආචිවිට මාට්ටු නොවී අම්මාට මාට්ටු වුන එකත් හොඳයි...නැත්තම් අර ගෑණී ලොඹු කට ඇද කර කර පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුව වෙනකම් කැලෑ පත්තර ගහලා තියෙයි මම ඩික්සන් නැමැති කළු සුද්දාගෙ කට කන්න නියමිතව හිටපු හැටි....
අම්මා හිතයිද අපි කට කන සීන් එහෙකට එන්ටර් වෙන ගමන් හිටියේ කියලා...නෑ...අම්මා තාම ලද බොලඳ ලඳක්...එයාට ඔව්වා මීටර් නම් මොනා කරන්න බැරිද.....
අම්මා මැදින් ඇඩ් එක දාපු එක හොඳට ගියා...පියාණන්ට මාට්ටු වුනා නම් මගේ ආත්ම ගෞරවය ලෙෆ්ට් වෙලා කකුල් හමයනකම් බෙල්ට් පාරවල් කන්න වෙනවා..
මතක් වෙද්දිත් හීනියට ලෝඩ් වේගෙන ආපු බොක දරුණු වුනා කියන්නේ පඩයක් නොයවා තද කරගෙන උඩහට යවාගත්තේ හෙන අමාරුවෙන්...
නැත්තම් ලව් ඉලව් වෙනවා නහය කඩන් අක්මාව හරහා යන සුගන්ධයට...මගේ පඩ ගඳයි කියලා ඩිකා ලවු යූ කියපු එක අස් කරගත්තොත්වත්...හිතෙනකොටත් බය හිතෙනවා......බොට ආයේ හැරීමක් නෑ සැමියෝ පඩ ගඳ වුනත්...හිටපිය මා එක්කම....
මෙච්චර කල් කටවල් කාලා අතපත ගාලා සමාව දීලා බදාගෙන ලැබූ ජය සාමකාමීව සමරන්න ලැබුනෙත් නෑ මට....දාර කරුම!
ඩික්සන් තාම මාව බදාගෙන...ඌ තමා අම්මට ෆේස් කරලා ඉන්නේ...මගේ පූප තමා අම්මට පේන්නේ...ඇයි ඩික්සන් තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා කියලා දැන දැනම මාව බදාගත්තේ...උඹ කොහොල්ල බබාද කොයිවෙලේත් ඇඟේ ඇලෙන්නේ....
සැමියා කියලා නොබලා මුට බිම දමාගන්න ගහන්න හිතෙන්නේ මේ වෙලාවට තමා.....මොලේ ගූද තියෙන්නේ බයියේ?.. ලව් එක කටුගාන්නත් හිතෙනෝ මට...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing