අපෝ එදා හවස නම් තඩියාගෙන් ප්‍රශ්න හැටහුටාමාරක් සෙට් වුනා ගෙදර යන අතරමඟ...ඌත් ලෝයර් පොරක් වගේ වෙලාවකට...කෙලින් ප්‍රශ්න...හරස් ප්‍රශ්න...ලෝකේ නැති ප්‍රශ්න හැම එකක්ම වගේ අහනවා...
සමහර වෙලාවට වටෙන් ගිහින් එකම ප්‍රශ්නෙත් ඌ ආයේ ආයේ අහනවා වෙනස් වචන වලින්...ඇයි බන් මූ මෙහෙම?...
ඌට මාව සැකයි හරීයට...බැරිවෙලාවත් මම ඌ එක්ක දීගෙක ගියොත් ඌ මට ලඟපාත කඩේකින් පාන් රාත්තලක්වත් ගේන්න දෙන එකක් නෑ...ඒ ලබ්බේ රාත්තල බර නිසා නෙවේ අධික සැකේ නිසා...ඌ මාවයි කඩේ මුදලාලි අයියවයි සැක කරයි...තහනම් ගහේ ගෙඩි කයි කියලා බය වෙයි...
කල්පනා කරගෙන ගියාම නයනි...නයනි නෙවේ නිල්නයනි...තඩියා මාව කවමදාවත් කසාද බඳින්නේ නෑ...මොකද ඌ මාව බඳින්න දැඟලුවොත් මගේ වර්තමාන සැමියා උගේ මස් රාත්තලක් කපාවි...එතකොට උගේ සැමියා වන හේසාන් බයියා මගේ කටු බොඩිය සීල් කරාවි...ඇඟ කිලිපොලා යන භයානක දර්සනයක් ඒක....
පපුව මැද රතුවට ලොකුවට තිබ්බ ඩික්සන්ගේ දත් පාර තඩි බඩා නොදැක්ක එක හොඳයි....ඒ වුනාට අවුල් වුන කොණ්ඩේ රතු වුන මූණ ඌට ප්‍රශ්න වුනා...බැරිම තැන මන් වඳුරු කුණුහරුප තිහකින් ඌට බැන්නා..
ඇයි යකෝව් මේ බතල හිවලා මගේ ඕපදූපම හොයන්නේ...මම වැඩිම වුනොත් උගේ හනිමූන් එක හිතෙන් මවාගෙන ආතල් එකක් ගන්න ඇති...ඒකෙන් මොකෙක්ටවත් කරදරයක් නෑනේ....අඩුගානේ ඌටවත්...ඒක මගේ සිතීමේ නිදහස....
පෘථිවි එකේදී පකලංකයා නිසා මාව ඩික්සන්ට මාට්ටු වෙන්න ගියාට මම සැමියාව දහ අට මායම් දාලා නැම්මුවා කියලා බතලයට කියලා ශේප් කරගත්තා...මායම් මොනාද කියලා විස්තර කරන්න ගියේ නෑ....
ඇත්තටම සිද්ද වුන ඒවාට කොටු දාලා බීප් කරලා එඩිට් කරලා සම්පූර්ණයෙන්ම බලධාරියා විසින් කපාහැරියා....ඔය ලබ්බවල් කියන්න ගියාම මගේ මූණ රතු වෙනවා...පුක ඇකිලෙනවා..ඇඟිලි ඇඹරිලා මම අබ්බගාත වෙනවා...අනවශ්‍ය කරදරනේ....ඕවා අහලා තඩියා වුනත් ස්වර්ගස්ථ වෙන්න බැරි නෑ...උගේ නහර පුපුරන්න දැනටමත් ආසන්නයි....
ඒකෙන් මේකෙන් හේසාන් තනි වුනොත් මට ඌටත් ගෑණි වෙන්න වෙයි..එක ගෙයි කන්න වෙයි...සැමියා ඉඩ දෙයිද තව උස අයියා කෙනෙක් අපේ ගෙදර තියාගන්න...එක්කෝ ඩික්සන් හේසාන්ට ඉඩ දෙයි ඌ බෙස්ටා නිසා...අර අපේ ගෙදර අත ඇරලා දාලා තියෙන පාළුවට ගිය ස්ටෝරු කාමරේ දෙන්න ඕන හේසානයාට.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing