වස ලැජ්ජාව...හිතේ වේදනාව සැරටම දැනුනා කියහන්කෝ....ඔළුව කළු ගලක ගහගන්න බැරුවට මම ඩෙස් එකේ ගහගත්තා....
තඩියයි කොටායි විතරක් නෙවේ පන්තියේ අනික් කොල්ලොත් මට මොංගල්ද අහන්න වගේ බැල්මට් එකක් දුන්නා....මදැයි උන්ට පාඩමක් උගන්වන්න මම පැනලා භාරගත්තා චරිතයක්...
ඒකත් කෙල්ලෙක්ගේ චරිතයක්..ඔක්කොටම හපන් කියන්නේ මම ඉන්නේ ඩීන්ගේ කෑල්ලටලු...මූ නම් පතාගෙන එන කරුමයක්ද කොහෙද....ඌ ගෑණී වුනා නම් එකක්...මන් එහෙනම් පැනගෙන රඟනවනේ....ලොකු පුකක් තිබීමේ පත අවාසියක් තමා ඒක....
"උඹ මොකටද යකෝ පැනලා රඟන්නම් කිව්වේ?...කියලා ගත්තා නම් කොරගනින් දැන්...ඒකත් කෙල්ලෙක්ට...පිරිමිකම ඉහටත් උඩින් තියන් ඉන්න උඹට හොඳම වැඩේ....සාධූ සාධූ!!..."
තඩියා බණ කියන්න තියාගත්තා ඒ අස්සේ...කොටාත් මොනවද කියන්න හාස් ගාලා කට ඇරියා....උස අඩු වුනාට උගේ කට නම් පලල් මරියානා ආගාධේ වගේ....
"මාව කෙල්ලට අන්දලා උන් කරගන්න යන්නේ වරදක්...දැන් තොපි එකෙක්වත් ආයේ ඕක ගැන ඇහුවොත් මන් උඹලගේ පුකවල් පලාගෙන පලාගෙන ගිහින් ලුණු දානවා ඈ....පස්සේ දනවෝ කියල කෑ ගහන්න එපා බොක දාන්න යද්දී...."
මගේ සද්දෙට කොල්ලෝ හුම් නෑ...ආන් එච්චරක් රාධේට බය වුනා නම් ඇති....ඉන්ටර්වල් එකෙන් පස්සේ ගතවුන සේරම පීරියඩ් වල මම කල්පනා කලේ මේ මගුලේ පර්ෆෝමන්ස් එකෙන් ගැලවෙන හැටියක්....
මුන්ට වෙන ක්ලාස් එකක් ඇත්තෙම නැද්ද?...ඒ නැතත් අපේ එකේ වෙන කොල්ලෝ නැද්ද?....
අරූගේ කෙල්ල විදියට ඇඳලා නටපන්කෝ මුළු ඉස්කෝලේ ඉස්සරහම දැන්...පක්විතියා කියනවා වගේ රාධේගේ නම්බුව ලෙප්ට්....
මගේ ලොකු පුක නිසානේ මේ සේරම!
පස්ස අඩු කරගන්න එක්සර්සයිස් එකක්වත් නැති වෙයිද?...ඩික්සන්ගේ ගානට ලෑල්ල වුනා නම් හොඳටෝම ඇති....
"මගේ නම්බුවම කෙලෙසුවා අර බල්ලෝ ටික පන්තිය ඉස්සරහා...දැන් රෙද්දක් ඇදන් පාරේ මන් යන්නේ කොහොමද බලපන් තඩියෝ...."
"උඹ කෙලෙසන්න ඉඩ දීලා බලාගෙන හිටියා... බැල්ලි වගේ රෙද්ද උස්සන් පැනගෙන ගියේ...දැන් ඉතින් රෙද්දක් නෙවේ යකෝ අර සිංදුවේ ශනූද්‍රි ඇදන් ඉන්නවා වගේ ගවුමක් මහගෙන ඇඳගන්...උඹ පට්ට කෑල්ල වගේ ඉඳී....කියද්දිත් මැවිලා පේනවා බන්..."
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing