අර දේවි චිංචිමානවිකාවෝ කියපුවා මන් එච්චර ගණන් ගත්තේ නෑ....නෑනේ...නෑනේ...මට පොඩ්ඩක් අවුල් යන්න ආවා...ලොකුවට අවුලක් ගියේ නෑ....ඔව්නේ....
ආරව්ගේ හුස්ම මේ මමනේ.....අයියාව මට හම්බුනේ නැත්තම්...නැත්තම්...මේ...මම...මට....මම...එහෙම එකක් වෙන්නේ නැති නිසා මන් දන්නේ නෑ ඌ නැත්තම් මට මොකක්ද වෙන්නේ කියලා.....
ඌ නැති දවසක් මට එපානේ දෙයියනේ....මන් අයියා වෙනුවෙන් ඩේමියන් අප්පච්චිගේ ගේ ඉස්සරහ දවස් ගානක් බඩගින්නේ උපවාස කරන්නම්....
නෙහාර කොම්ලාගෙන් බැණුම් අහන්නම්...බෙල්ට් පාරවල් සීයක් හරි කන්නම්....මන් ඉන්ජෙක්ශන් කටුත් ගහගන්නම්.....මට ඌව ඕනනේ හාන්දුරුවනේ...මට පිස්සු අෆ්ෆා!!!
මට ඌ එක්ක ජීවත් වෙන්න ඕන කියන්නේ එකට ස්ලීප් කරන එකම නෙමේ.... මට ඌ එක්ක ආදරෙන් ජීවත් වෙන්න ඕන...ගොඩාක් ආදරෙන්....ලොකු කල්දේරමක් තරම් ආදරෙන්....
අපේ ලොකූ ගෙදර....බේබීස්ලා එක්ක...ලොකූ ගෙයක් නැතත් පොඩි ගෙයක් වුනත් කමක් නෑ අයියා මගේ ලඟ නම්......
අයියා මගේනේ...ඌ මගේ....මට පිස්සුයැ එක එක ගෑණු කියන මල මගුල් අහන්න....ඔව්නේ මගේ අයියා මගේ...ඌට පිස්සු නෑ කුන්ඩලකේශීලාව කරගහන්න...යැයි යැයි තමා......
උගේ රිසල්ට්ස් දැනගන්න මන් උගේ අම්මාවත් ඩේමියන් අප්පච්චිවත් නෙමේනේ...මන් උගේ බේබීස්ලාගේ හොට් ඇන්ඩ් සෙස්සි මමී!....
විභාග නම් මොනාද?...රිසල්ට්ස් ගලපලා ලව් කලොත් හොඳට හිටීනේ රංජනීගේ පූප කළු කැන්ගරුවෝ!.....
ඌව මට නැති වුනොත් කියලා මන් හිතන්නේ නෑ....මොකද එහෙම වෙන්නේ නෑ.....එහෙම වෙනවට වඩා හොඳයි මන්..මට.....මන්....මන්....මේ.....මම....ඉතුරු ටික මන් දන්නෑ....
නෑ නෑ එහෙම වෙන්නේ නෑ වීර අප්පුවෝ...බොට පිස්සු රාධේ.....මොංගල් උදාර අප්පුවෙක්නේ රාධේ!!.....
මන් ඔළුව උස්සලා බලපු ගමන් දැක්කේ එහාගෙදර මහසොහොන් ගුක්කිවද....නෑ යකෝව් නෑ....
උගේ හැඩ බලන්න කලින් මන් දැක්කේ වෙන එකෙක්ව කියහන්කෝ මගේ කරුමෙට....මගේ ඇස් ලොකු වුනා සන්ග්ලාස් අස්සෙන්......
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing