මගේ කට ඇරුනේ සුදු සරමට සුදු කමිසේ ඇඳලා අවුරුදු කුමාරයෙක් වගේ මන් ඉස්සරහට ඇවිදන් ආපු ඩික්සන් හාදයාව දැකලා...හාට් එකත් ඩීන් ඩීන් ගෑවා ඌව දැකලා.....ඌ පට්ටම ලස්සනයි...මගේ හාට්ටුවට ඩික්සන් ආරච්චිව අපලයි සගෝ....
කෙල්ලෝ මූව මෙහෙම දැක්කා නම් උන් මෙතනම ලොන්ත පොලොස් වෙලා උන්ගේ මලගෙවල් ඔක්කොම එකටම ගන්න වෙයි....අමන්දියාගේ මලගෙදරත් ඒ එක්කම ගන්න වෙයි...ඒක මතක් වුනාම නම් මගේ කට අගට මරුමුස් හිනාවක් මන්දෝ කලා...මන් හිතින් අම්මණ්ඩියා එක්ක තරඟ කරනවදෝත් කියලා හිතුනා ඒ අස්සේ....මට ඒකි එක්ක තරඟ කරන්න අඩු ගොතපු දිග කොන්ඩේ විතරයි...
නෙළුම් මල් පොකුරක් අතේ තියන් ඩිම්පල් හිනාවක් එක්ක එන ඌව දැක්කාම තමා මට මීටර් වුනේ කොල්ලා කොච්චර පිං පාටද කියලා...මන් ගාව නෑනේ යකෝව් එහෙව් පිං පාටක් මෙච්චර කිරි සුදට ඇඳලත්...ඩික්සන් ආවේ උගේ නඩය එක්කම තමා...උන් බර කතාවක ආවේ....ලෝක ආර්ථිකය ගොඩගන්න හැටි වෙන්න ඇති බර කතාව...හික්ස්...
ඩික්සන් මොකටද විජාතික බලවේගයක් වෙලා අද සිල් ගන්න ආවේ....මූ මන් සිල් ගනී කියලා උපකල්පනය කරලා ගෑණී මිනිහා වුනාම හැමදේම එකටම කරන්න ඕන හිතලා අද ආවා වෙන්න බෑත...සිල් රෙදි පොරවගත්තු කලවැදි පැටියෙක් දෙන්නෙක් ටික් ටික් ගාලා එහාට මෙහාට පැන්නා මගේ හාට් එක ගාවින්ම....උන් පනිනකොට මට වෙන දේවල් කියාගන්න සිංහල හෝඩියේ අකුරු මදි මට....
සරමක් ඇඳන් ඩීනා ලස්සනට පිලිවෙලට ඇවිදන් ආවා....ඌ ලඟ තිබ්බා හෙන ඇට්‍රෑක්ශන් එකක්...මොක ඇන්දත් මූ හෙන හැන්ඩියෙක්නේ බලාගෙන ගියාම...මූ සරමක් ඇඳන් ලඟදීම මගේ හීනෙකට වැඩලා මගේ රෙදි ලෙප්ට් කරන බවත් මට හීනීයට හිතුනා....
මම ලඟ තිබ්බ කොට්ටම්බා ගහට මුවා වුනේ සරමක් ඇඳන් ආපු ලෝක ලැජ්ජාවෙන් ගැලවෙන්න....වසලා හමාරයි....කම්මුල් උණු වුනා දැනුනා මට...ඇඟ ඇතුලේ දෘඩ ලෝහ උණු වෙන සීන් එකක් තියෙනවද මන්දා.....
මට බෑ ඕයී රෙදි පටලන් ඌ ඉස්සරහට මන්ගච්චන්න...මෙච්චර රෙදි ඇඳලත් හෙලිකොට්ටෙන් වගේ....උන් මට හිනාවෙයි...වාඩියවත්තේ මදාවි කොල්ලා නේද මේ සිල් රෙදි පොරවන් එන්නේ කියලා උන් මට පශ්චාත්බාගෙනුත් හිනා වෙයි....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing