✨️Special Chapter 3✨️

12.4K 819 4.3K
                                    

බිග් මැච් පාටියට පසු සිද්දි කතෲ මානයෙන්.....

කොට සක්විති අති පණ්ඩිත ටෙශාන් කෑමදාස බිමල් සමඟ උඩරට මැණිකේ රන්දික සක්විතිගේ අම්මීඊඊඊඊඊඊගේ කාර් එකේ නැගීලා හොටෙල් එකෙන් පිටත්වුනා.....

දෙයියනේ කියලා යනකොට යාන්තම් පොද වැටෙන්නත් ගත්තා.....රෑ 12ට කිට්ටු වෙන්නත් ලඟයි....හොල්මන් කරක් ගහන වෙලාව.....මුන්ට වඩා හොඳ හොල්මන් හිටියොත් අටපට්ටමට කියන්න වටිනවා....

11C ට්‍රැක්ලන්තේ කොල්ලන්ගේ වෙලාව හොඳ කම කියන්නේ සක්විතිගේ අම්මිගේ නිල් පාට ඇල්ටෝ කාර් එක මඟ හිට්ටා හුටු හුටු ගාලා කොට කොට ගිහින්......

"හනේඒඒඒඒ අම්මීඊඊඊඊඊඊ....මොකක්ද වුනේ?.....කැඩුනානේහ්හ්හ්හ්.....ඔත්තොක්කේඒඒඒඒ!...."

පටලය කැඩුනු නාග කන්‍යාවිය වගේ සක්විති බෙරිහන් දෙන්න පටන් ගන්නකොට කාර් එකත් දෙදරුවා......

"නිලූඌඌඌඌඌඌ....කෑගහන්නෙපා ලමයෝ....පුතාලා....බැටරිය බැහැලා වගේ....පොඩි තල්ලුවක් දාමුද?....හනේඒඒඒ බෑ කියන්නෙපා......"

සක්විතිගේ අම්මි වැඩිය කතා කරන ගෑණු කෙනෙක් නෙමේ....සක්විතිගේ පෙට් නේම් එක නිලූ....නීලනයන කොට කලාම එන්නේ නිලූනේ.....

එයාත් කොට නිල් නයා වගේ ඇදලා පැදලා කතා කරනකොට පිටිපස්සේ සීට් එකේ ට්‍රිබල් දාලා හිටපු බිමලාටයි ටෙශාන්ටයි රන්දිකටයි කෙල හිරවුනා......

බිමල්ට හිරවුනේ ඌ ගිල ගිල හිටපු මාරි බිස්කට් එක....

"මොනාද බන් මේ කබල් කාර්?...දේවි කෙල්ලෙක්වත් සෙට් වුනා නම් අද රෑ වෙනම  සැපක් ගන්න තිබ්බා....උඹලා ඒ සබ්ජෙක්ට් එකේ නැති එක සිරාම අඩුවක් බන්.....දැන් බලපන් කාපුවා ඔක්කොම වැයවෙනවා කාර් තල්ලු කරන්න ගියාම...ගෑණු හොරුන්ගේ වාහනවල පුක තියන යන නිසානේ මේ සේරම....."

"කට වහපන්න්න්න්න් බිමාල්ල්ල්ල්ල්ල්.....හනේඒඒඒඒඒ.....හයියෝඕඕඕඕඕ....බැහැලා තල්ලු කරපල්ලා කේක් ගෙඩි වගේ ඉන්නේ නැතුව...උඹලාව ඩොප් කරනවට සල්ලි ගන්නෙත් නෑනේ මන්....අම්මීඊඊඊඊඊඊ ඔයා බයවෙන්න අනියෝඕඕඕඕඕ....ඔයාගේ නිලූඌඌඌ ඉන්නවනේ....."

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora